අද රාත්‍රියේ ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශය හරහා සුළි කුණාටුවක් ගමන් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු අඟවා සිටී.
මෙහි වේගය පැයට කිලෝ මීටර් 80 ක් දක්වා විය හැකි බවද පවසයි. ඛෙංගාල බොක්කේ පවතින අවපීඩන තත්ත්වය මත මෙම සුලි කුණාටු තත්ත්වය ඇතිවී ඇති අතර දැනට මෙය මුලතිව් වෙරලේ සිට කිලෝ මීටර් 200 ක් පමණ ඈතින් තිඛෙන අතර අද රාත්‍රී ශ්‍රී ලංකාවට බලපානු ඇතැයි අනතුරු අඟවයි.
මේ තත්ත්වයට සූදානම් වන ලෙසත් මුහුදු නොයන ලෙසත් පවසන දෙපාර්තමේන්තුව මේ හේතුව නිසා මි.මී.150 දක්වා වැසි ඇතිවනු ඇතැයිද පවසයි.