
මේවන විට සීගිරිය කැටපත් පවුරේ පිටත බිත්තියේ සහ ඉදිරිපස බිත්තියේ විශාල වශයෙන් මෙම "පුස්" වර්ගය දැක ගත හැකි බව සඳහන්ය.
මෙම "පුස්" විශේෂය පිළිබඳ වාර්තා වීමත් සමග විශේෂඥ කණ්ඩායමක් සීගිරියට යවා පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව ද මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේය.
සුදු පැහැති මෙම "පුස්" විශේෂය වර්ෂාව ආරම්භයත් සමග දැඩි වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව ද සීගිරි ව්‍යාපෘති කළමණාකරු කේ.ඩි. චන්දන වීරසේන මහතා පැවසුවේය.
කෙසේ වෙතත් මේ හේතුවෙන් කුරුටු ගීතවලට බලපෑමක් එල්ලවී නොමැති බවද වීරසේන මහතා සඳහන් කළේය.