තමන්ගේ පෙමට පිටුපෑ නිසා පෙම්වතියගේ අසැබි තොරතුරු අන්තර් ජාලයට එකතු කල පෙම්වතා


තම පෙමට පිටුපෑ තම පෙම්වතියගෙන් පළිගැනීම සඳහා ඇය පිළිබඳ අසත්‍ය අසැබි තොරතුරු අන්තර් ජාලයට මුදාහැරීම ‍හේතුවෙන් රිමාන්ඩ් භාරයේ සිටි කටුනායක පදිංචි එච්. ජී. තුෂාන් මධුශාන් පෙරේරා නමැත්තා ඇප මත මුදා හැර ඇත. වරද පිළිගැනීමෙන් පසු සැකකරු රුපියල් 10,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්‍ෂ දෙකක ශරීර ඇප මත මෙසේ මුදා හැර ඇත.
19 වැනි වියෙහි පසු වූ මොහුගේ පෙම්වතිය සමඟ පැවැත්වූ පෙම් සබඳතාවට ඇගේ වැඩිහිටියන් අකමැති වීම නිසා ඇය සැකකරු සමඟ පැවති ප්‍රේම සම්බන්ධය නවතා දමා ඇත.

ඒ පිළිබඳව කෝපවූ සැකකරු ඇය පිළිබඳ අසත්‍ය අසැබි තොරතුරු අන්තර් ජාලයට එක්‌කොට එම තරුණියත් ඇගේ දෙමාපියන්වත් බලවත් අපකීර්තියට ලක්‌කර ඇත.

Gossip Lanka Hot News Previous News Archive