ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූහ. කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී අද (4 වැනිදා) රාත්‍රි පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකා පිල ලකුණු 16 කින් පාකිස්තානය පරාජය කළේය.
ශ්‍රී ලංකාව විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ දෙවැනි අවස්ථාව මෙය වන අතර 2009 වසරේ එංගලන්තයේදී පැවැති දෙවැනි විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී පාකිස්තානය හමුවේ පරාජයට පත්ව අනු ශූරයන් බවට පත්විය.
පාකිස්තානයට අවසන් ඕවරයට ලකුණු 23 ක් රැුස්කිරීමට සිදුවූ අතර නුවන් කුලසේකර යැවූ එම ඕවරයට ලබාගත හැකි වූයේ ලකුණු 6 ක් පමණි.
දෙවැනි අවසන් පූර්ව තරගය ඕස්ටේ්රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර හෙට (5 වැනිදා) ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී පස්වරු 7.00 ට ආරම්භ වීමට නියමිතය.
ශ්‍රී ලංකාව ඕවර 20 කදී කඩුලූ 4 ට 139 (මහේල ජයවර්ධන 42, තිලකරත්න ඩිල්ෂාන් 35, කුමාර් සංගක්කාර 18, ජීවන් මෙන්ඩිස් 15, තිසර පෙරේරා නොදැවී 11, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 10)
පාකිස්තානය ඕවර 20 කදී කඩුලූ 7 ට 123 (මොහොමඞ් අෆීෂ් 42, ඉම්රාන් නසීර් 20, උමාර් අක්මාල් නොදැවී 29, අජන්ත මෙන්ඩිස් 27/2, ඇන්ජලෝ මැතිව්ස් 27/2, රංගන හේරත් 25/3