රුපියල් ලක්ෂ පහමාරකට අධික ව්‍යාජ රුපියල් දහසේ මුදල් නෝට්ටු තොගයක් සමඟ සැකකරුවන් හයදෙනෙකු හුංගමදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසූවේ, මුදල් නෝට්ටු මුද්‍රණයට යොදාගත් පරිගණක ඇතුළු භාණ්ඩ සිය භාරයට ගත් බවය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ හොරණදී එම ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කළ සැකකරුවන් ඒවා මාරු කිරීම සඳහා රන්න ප්‍රදේශයට ගොස් ඇති බවය.