වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 49 වන වගන්තිය යටතේ වී කුරුල්ලන්, රෑන ගිරවුන් හා මාල ගිරවුන් ස්වාභාවික පරිසරයෙන් අල්ලා විකිණීම, විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම හා ප්‍රවාහනය කිරීම ඇතුළු නීති විරෝධී ක්‍රියා මැඩ පැවැත්විය යුතු යයිද ඒ සඳහා වැටලීම් කළ යුතු යැයිද සඳහන්ව තිබියදී නි ඇමැති එස් එම් චන්ද්‍රසේන ගේ උපදෙස් මත ගොවිජන සේවා හා වනජීවී අමාත්‍යංශයේ ලේකම් උදේනි වික්‍රමසිංහ මහතා විසින් එම වැටලීම් වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කර තිබේ.
2012.10.11 වන දින හා අංක 05/ඩබ්එල්/45 දරන ලිපිය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති ක්‍රියාත්මක කිරීමේ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා චාන්දනී විල්සන් මහත්මිය වෙත යොමු කරමින් ඉහත දැනුම්දීම සිදු කර තිබේ. වඩාත් තුච්ඡ ක්‍රියාව නම් මේ සතුන් වෙළෙඳාම සඳහා අවසර ලබාදිය හැකි වන පරිදි බලපත්‍ර ක්‍රමයක් සැකසීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක කෙටුම්පතක් සකස් කරන ලෙසත් ඊට බලපත්‍රයේ ආකෘතියක් හා බලපත්‍ර ගාස්තු ක්‍රමයක් ඇතුළු කරන ලෙසත් දැනුම් දී තිබීමයි.
මේ සැලැසුම් සකස් කිරීම සඳහා පියවර ගන්නා ලෙස අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම් දී ඇත්තේ ගොවිජන සේවා හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන විසිනි. 2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ ප්‍රධාන කාර්ය වන්නේ —වන සතුන් වාණිජ ලෙස ප්‍රයෝජනයට ගැනීම වැළැක්වීම 19477 හා ජෛව විවිධත්ව සංරක්ෂණය සඳහා විධිවිධාන සලැස්වීම ය.˜ නමුත් පනතේ මෙම මූලික අර්ථ නිරූපනයට පිටතින් යමින් නීති රීති උල්ලංඝනය කරමින් මේ අයුරින් නියෝජ්‍ය අමාත්‍යවරයා හා ලේකම්වරයා කටයුතු කිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී ක්‍රියාවකි.
1937 වසරේ පළමුව නීතිගත වූ මේ පනත අවස්ථා අටක දී සංශෝධනය කරමින් අද වන විට වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත ලෙස ලංකාවේ වන ජීවීන් ගේ රැකවරණය සඳහා ඉතා හොඳ පනතක් ලෙස ක්‍රියාත්මක වෙමින් තිබේ. එය උඩු යටිකුරු කිරීමට අමාත්‍යංශ ලේකම්වරයා හා නියෝජ්‍ය අමාත්‍යවරයා මෙලෙස කටයුතු කර තිබේ.
ස්වාභාවික පරිසර පද්ධතිවල තුළිතතාවය පවත්වාගෙන යෑම සඳහා හා ඵල හා බීජ ව්‍යාප්තිය සඳහා ප්‍රධාන වශයෙන් ම දායක වන වී කුරුල්ලන්, රෑන ගිරවුන් හා මාල ගිරවුන් ස්වාභාවික පරිසරයෙන් අල්ලා වෙළෙඳාම සඳහා යොදා ගැනීමෙන් පරිසරයේ තුළිතතාවය බිඳ වැටීම සිදු වනු ඇත. පසුගිය කාල පුරාම මෙලෙස නීති විරෝධීව මේ සතුන් වෙළෙඳාම් කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස එම සතුන් ගේ රැකවරණය හා ගහනයේ පැවැත්ම තහවුරු කර ගත හැකි විය. නැවත ඒ තත්ත්වය හානිකර ලෙස වර්ධනය වීම මේ වැරදි තීරණ හේතුවෙන් සිදු විය හැකි ය.
වනජීවී අමාත්‍යංශ ලේකම්ගේ ලිපිය පහත දැක්වේ: