මහියංගනයයේ කෝවිල්යාය ගම්මානයේදී පසුගිය බිනර පොහොය දිනයේ දක්නට ලැබූ බව කියන අද්භූත වස්තුවක් නිසා මේ දිනවල එම ප්‍රදේශයේ ජනතාවගේ ඒ පිළිබඳව කතා කිරීමට පටන්ගන තිබෙනවා.
විශාලත්වයෙන් කරත්ත රෝදයක තරමේ ප්‍රමානයක වූ මෙම වස්තුව පොළවට අඩි දෙකක් පමණ ඉහලින් කැරකෙමෙන් දර්ශනය වී තිබෙන්නේ එම ප්‍රදේශයේ "සුදු බණ්ඩා" නම් පුද්ගලයෙකුටයි.
මේ පිළිබඳව අද රිවිර පුවත්පතේ පලවී තිබෙන්නේ මෙසේය
ඒ පසුගිය බිනර පොහොයදිනයයි. වේලාව අලුයම 6.30 පමන වී තිබුණි. ස්ථානය මහියංගණ කෝවිල්යාය ගම්මානයයි. ඔහු නමුන් හේරත් මුදියන්සේලාගේ සුදුබණ්ඩාය. වයස පනස් පහක විවාහකයකි. පදිංචිව සිටින්නේ මහියංගන පූජා නගරයට කිලෝමීටර් හතරක් පමණ නුදුරිනි.එම ප්‍රදේශය හඳුන්වන්නේ කෝවිල්යාය යනුවෙනි. ප්‍රසිද්ධ සොරබොර වැව පිහිටියේද කෝවිල්යාය ගම්මානයට කිලෝමීටරයක් පමණ පහළිනි.
පසුගිය කාලයේ මහියංගනයට පැවතියේ වියලි කාලගුණයක් නිසා වතුර ලබාගත්තේ නිවස අසලින් වැටී ඇති මාර්ගයේ අනෙක් පස පිහිටි නල ළිඳකිනි. අළුයම අවදිවූ සුදුබණ්ඩා මුහුණ සෝදාගැනීමට නල ළිඳ වෙත යමින් සිටි අතර එදා දුටු දෙය ඔහු පවසන්නේ මෙලෙසිනි
"එදා බිනර පොහොය දිනය. මම අවදිවුනේ අළුයම 6.30ට පමණ. මුහුණ සෝදන්න පාරෙන් එහාපැත්තේ නළ ළිඳට යන්න ඕනේ. මම නල ලිඳට යන ගමන් හිටියේ. පාර මැද්දේ කරත්ත රෝදයක් වගේ රවුම් හැඩකාර දෙයක් තියනවා මම දැක්කා. හැබැයි ඒක තිබුනේ පොලව මට්ටමේ නම් නෙවෙයි. පොලවට අඩි දෙකක් විතර උඩිනුයි.
ඒ වගේම ඒක් තිබුනේ පැද්දි පැද්දියි. ඒක දැක්ක හැටියේම මම බය වුණා. තැති ගත්තා. ඒත් එම අපූරු දේ මොකක්ද කියලා තවත් හොඳට දැක බලාගන්න මට ඕනේ වුණා. ඒ අමුතු අද්භූත වස්තුඅ පැද්දි පැද්දී මගේ ඇගට ආවා. මට මුත්‍රා පහ නොවුන එක විතරයි. මග රෝම කූප කෙලින් වුණා. තොල කට වියැළුනා. ඇත්තටම ඒක වචනයෙන් විස්තර කරන්න මට බැහැ.
ඒ වෙලාවේ පාරේ කිසිම කෙනෙක් හිටියේ නැහැ. පාරේ හරි අහල පහල කෙනෙක් හිටියා නම් කෑ ගහලා මේ බව කියනවා. ඒත් එහෙම කියන්න තරම් කෙනෙක් ලඟ පාතක හිටියේ නැහැ. මගේ ගෙදර කවුරුත් ඇත්තේත් නැහැ.
ඕන දෙයක් වෙච්චාවෙන් කියලා මං ජංගම දුරකථනය අතට අරගන අර අද්භූත වස්තුව වීඩියෝ කරන්න පටන් ගත්තා. එහෙම වීඩියෝ කරද්දී තමයි මං දැක්කේ ඒ අබිරහස් වස්තුව මැද්දට වන්නට අලුපාට බෝලයක් වැනි දෙයක් තියනවා. මට හිතුනේ ඒ කලුපාට බෝලය ජෙලි බෝලයක් කියලයි.මං එබි එබී ඒක බලන්න හැදුවා. ඒත් මට ඒක දිහා බලන්න ඉඩක් ලැබුනේ නැහැ. ඒ දිහාට එබෙද්දීම ඒ වස්තුව අනෙක් අතට හැරෙනවා. . ඒක හින්දා මගේ උත්සාහය අත හැරියේ නැහැ. ඒක මහා පුදුම වැඩක්.
මම විනාඩි දෙකක් විතර එක දිගට ඒ අපූරු වස්තුව වීඩියෝ කලා. ඊටපස්සේ ඒ පාරටම ඒක ඉහළට නැඟලා අතුරුදහන් වුණා. ඒක ආගිය අතක් හොයාගන්න මට බැරි වුණා. ඊට පස්සේ මං හොඳටම බය වෙලා ගෙදර දිහාට පය ඉක්මන් කළා. ඔන්න එක පාරටම ඒක අපහු මතුවුණා. මගේ පස්සෙන් එන්න ගත්තා. මං ඒ පාර ඒක ආපහු වීඩියෝ කරන්න උත්සාහ කළා. අනේ! අම්මේ!! ඒක ඒ පාර පැද්දි පැද්දී දාපු වැඩ කිඩ කියලා නිම කරන්න බැහැ.
කොහොම නමුත් ආයෙත් ඒක එකපාරටම අතුරුදහන් වුණා. ඒ පාර නම් මගේ කකුල් දෙකත් පන නැතිව ගියා. කකුල් දෙක ගැහෙනවා. ඒත් මං අඩියට දෙකට ගෙදර දිහාට ආවා. අනේ! මෙන්න ඒ පාර අද්භූත වස්තුව ආපහු මං ඉස්සරහා. මං ඉස්සරහ කිව්වේ ගේ මිදුලේ. අන්න ඒ පාර නම් පොලවට අඩි තුනක් විතර ඉහලින් එක දිස්වුණේ.
අර කලුපාට බෝලය වැනි දේ මොකක්ද කියලා හොඳට බලාගන්න ලං වුනා විතරයි, ඒ වස්තුව මගේ ගෙදර දොර දිහාට ඇදිලා හිමින් එක පාරටම අතුරුදහන් වුණා.
ඒක ආපහු කොයියම්, හෝ වෙලාවක මතුවේවි කියලා මං බලාගන හිටියා. ඒත් ඒක ආපහු මතුවුනේ නැහැ. කොහොමත් විනාඩි පහකට වඩා ඒ අද්භූත වස්තුව විටින් විට දිස්වුනා."
නමුත් දින ගනනාවක් යනකම් ඔහු ඒ බව කිසිවෙකුට පවසා නැහැ. ඔහුගේ බිරිඳ කලක සිට නිවසේ නොමැත. විසි හැවිරිදි ලොකු පුතා ශ්‍රී ලංකා යුධ හමුදාවට බැඳීස් සිටියෙකි. පසුව ඔහු එයින් මිදී පැමිණ දැන් මහාමාර්ග ඉදිකිරීමේ රැකියාවක නිරත වෙයි.. පවුලේ දෙවෙනියා දහනව හැවිරිදි දියණියකි. ඇය කොළබට නුදුරු කොට්ටාවේ රැකියාවක නිරතවෙයි.. පවුලේ බාලයා දහ අට හැවිරිදි පුතු විවාහකයෙකි. ඔහු සුදු බණ්ඩාගේ නිවසට එපිටින් නිවසක් හදාගන බිරිය සමඟ දිවි ගෙවයි."මගේ පවුලේ අය ගෙදර නැහැ. ඒ හින්දා මං මේ අද්භූත වස්තුව ගැන ඒ අය එක්ක කිව්වේ නැහැ. ඒත් මාත් එක්ක ගල් කොරියේ වැඩ කරන අයටයි දන්නා කියන ගමේ අයටයි දවස් ගානකට පස්සේ මේ ගැන කිව්වා.
මගේ මොබයිල් ෆෝන් එකේ වීඩියෝ එකත් පෙන්නුවා. වැඩපලේ සේවකයන්ගේ මාර්ගයෙන් ගල්කොරියේ අයිති මහත්තයටත් මේ බව සැළවෙලා තිබුණා. ඒ මහත්තයා පවා මගෙන් මේ බව තොරතුරු ඇහැව්වා. ඊටත් පස්සේ තමයි මාධ්‍ය මඟින් වගේම කටින් කටිනුත් වගේම මුළු රටත් මේ සිද්ධිය ගැන දන්නේ. දැන් හැමෝම මගෙන් මේ බව අහනවා"
මේ පිළිබඳව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න පවසන්නේ මෙවැන්නක්.
"ඇත්තටම මහියංගන කෝවිල්යායේ මෙම අද්භූත වස්තුව පිළිබඳව මටත් තොරතුරු ලැබුණා. කොහොම වුනත් මෙම අපූරු වස්තුව කුමන ආකාරයේ එකක්ද යන්න පිළිබඳව තීරණය කරන්න නම් එහි ජායාරූප දීර්ග හා සංකීර්ණ විශ්ලේෂණය ක්‍රියාවලියකට භාජනය කළ යුතුයි.
එසේ නොමැතිව මේ ගැන එකවරම කිසිවක් කිව නොහැකියි. හැබැයි මීට ඉස්සරත් මෙවැනි අද්භූත වස්තු පිළිබඳව ජායාරූප මට ලැබුණා. ඒ සමහර ජායාරූප නාසා වැනි සුපිරි ආයතන වල සුපිරි පරිගණක වලින් නිරීක්ෂණය කිරීමට පවා සිදුවුණා. මේ ජායාරූපත් එවැනි පරීක්ෂාවකට ලක් කළ යුතුයි."
මේ පිළිබඳව ගුවන් හමුදාපති එයා මාෂල් හර්ෂ අබේවික්‍රම පවසන්නේ මෙවැන්නක්.
"මෙවැනි අබිරහස් යානාවක් පිළිබඳව අපිට වාර්තා වෙලා නැහැ. එවැනි දෙයක් ගැන අපේ රේඩාර් පද්ධතියේ වැටුනා නම් මුලිම දැනුම් දෙන්නේ මටයි. ගුවන් හමුදාව පැය විසි හතර පුරාම රේඩාර් පද්ධතිය නිරීක්ෂණය කරමිනුයි ඉන්නේ. පිටින් එන ඕනෑම දෙයක් අපේ රේඩාර් පද්ධතියේ සටහන් වෙනවා. ඒ වගේම ගුවන් යානා ආරක්ෂක පද්ධතියටත් වදිනවා.
නමුත් එවැනි අබිරහස් යානාවක් පිළිබඳව දැනගන්න ලැබිලා නැහැ. ඉන්දුනීසියානු සිවිල් ගුවන් යානා කටුනායක ගුවන් තොටුපලට නොපැමිණ අපේ ගුවන් සීමාව හරහා යනවා. ඒ හැම දෙයක්ම අපේ රේඩාර් පද්ධතියේ සටහන් වෙනවා. එවැනි ගුවන්යානා වල ආලෝකධාරාත් සටහන් වෙනවා. ඒ වාගේම ගුවනේ රඳවා ඇති චන්ද්‍රිකා එහා මෙහා ගමන් කරද්දීත් පියවි ඇසට නොපෙනෙන්නට පුළුවන්"
ගුවන් හමුදාපතිවරයා පවසන ආකරට සෑම යානාවක්ම රේඩාර් පද්ධතියට හසුවන්නේ නැත.
ඇමරිකාව පවා රේඩාර් වලට හසු නොවෙනා යානා නිපදවා සිටිද්දී අපට සිතාගැනීමටත් නොහැකි තරම් දියුණු පිටසක්වල යානාවක් රේඩාර් පද්ධතියකට හසුවනතෙක් බලාසිටීම ඉල කැඩෙන විහිලුවකි.
එසේ වුවද සුදුබණ්ඩා පවසන කතාව සැබෑවක්දැයි බොරුවක්දැයි අපි නොදනිමු.