මිනිහෙක් අහසින් බිමට පනී

ඕස්ටි‍්‍රයා ජාතික පීලික්ස් බම්ගර්ට්නර් ඇමෙරිකාවේ නිව් මෙක්සිකෝ අහසේ අඩි 128,000ක් හෙවත් කිලෝමීටර් 39ක් උඩසිට බැලූනයක හා පැරෂුටයක ආධාරයෙන් බිමට පැන ලෝක වාර්තාවක් පිහිටැවීය.

ශබ්දයේ වේගයට වඩා වේගයකින් බිමට පැනීමට ඔහුට ගත වූයේ මිනිත්තු 10කි.

පීලික්ස් කැප්සුලයෙන් පැන නිදහසේ මිනිත්තු හතරක් පමණ බිමට පාවෙමින් සිටියදී පැරෂුටය විවෘත කැරගත්තේය.

1960දී ගුවන් නියමු ජෝ කිටින්ගර් අඩි 102800 (කිලෝමීටර් 19) අහසින් පැන වාර්තාවක් පිහිටැවීය. පීලික්ස් ඒ වාර්තාව බිඳ දැමීය.

අහසේ එවැනි උසක සිට බිමට පැනීමේදී මිනිස් සිරුරට ඇතිවන බලපෑමත් පැනීම සඳහා යොදාගන්න බැලූන හා පැරෂුටවල ශක්තිය මැන බැලීමත් මේ පිම්මේ අරමුණ විය.











Gossip Lanka Hot News Previous News Archive