එංගලන්තය සමග පැවති තරගයේ නායකත්වයෙන් මහේල ඉවත් වූනේ ඇයි ?


නායකත්වය සංගාට දී මහේල අපලයෙන් ‍ගැලවේ
සුපිරි කණ්ඩායම් අට වටයේ එංගලන්තය සමග ඊයේ පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වූ තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයෙන් මහේල ජයවර්ධන ඉවත් කර තිබේ. ඒ අනුව නායකත්වය හිමි වී ඇත්තේ කුමාර් සංගක්කාරටයි. කණ්ඩායමේ උප නායකත්වයෙන් ඇන්ජලෝ මැතිව්ස් ද ඉවත් කර තිබේ. මේ අනුව ඊයේ තරගයට උප නායකයකු ද ක්‍රීඩා කර නොමැත.

තරගයේ කාසියේ වාසිය උරගා බැලීම සදහා පැමිණියේ කුමාර් සංගක්කාරයි. මේ අනුව බොහෝ දෙනෙකු සිතුවේ අවසන් තරග 03 ම කාසියේ වාසිය පරාජයට පත් වීම හේතුවෙන් මෙම වෙනස්කම සිදුකර ඇති බවයි. ඇතමුන් කියා සිටියේ මහේලට විවේකයක් ලබා දී ඇති බවයි. එහෙත් තරගයේ මහේල නායකත්වයෙන් ඉවත්ව ක්‍රීඩා කිරීම කාගේත් කතාබහට ලක්විය.
පසුගිය තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත කාලයේදී පන්දුවාර ප්‍රමාණය යොමු කිරීමට අසමත් වුණි. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක මහේල ජයවර්ධනට තරග ගාස්තුවෙන් 20% ක් කපා දැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල කටයුතු කර ඇත.
මේ අනුව ඊයේ තරගයේද මහේල නායකත්ව දරා නියමිත පන්දුවාර ප්‍රමාණය නියමිත කාලයේදී යොමු කිරීමට අසමත් වුවහොත් ඉදිරි තරගය ඔහුට ක්‍රීඩා කිරීමට හැකියාවක් නොලැබේ. මේ අනුව මහේලට අපලයක් වූ ඊයේ නායකත්වය සංගාට භාර දී තිබේ. ඔහු මෙම තරගයේ නායකත්වයට පත්ව ඇත්තේද මෙම නීතියෙන් ගැලවීම සදහායි.
මෙයින් පෙනී යන්නේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ගොනාට ඇන්ද වූ බවයි.

Gossip Lanka Hot News Previous News Archive