රුපියල් 500, 1000, 2000 සහ 5000 වටිනාකම්වලින් යුතු නෝට්ටු ව්‍යාජ ලෙස සකස් කොට ගනුදෙනු කරන බවට තොරතුරු සහ පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබී තිබෙන බැවින් මුදල් නෝට්ටු සමඟ ගණුදෙනු කිරීමේදී පරිස්සම් වන්නැයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි..
මෙවැනි නෝට්ටු සමඟ ගනුදෙනු කිරීමේදී කරුණු කිහිපයක් කෙරෙහි විශේෂ අවධානය යොමු කරන ලෙස පෙන්වාදෙන එම කාර්යාලය නෝට්ටුවල දිය සලකුණ, නොට්ටුව ආලෝකය වෙත යොමු කොට පාරදෘෂ්‍ය ලෙස බැලූ විට එහි වටිනාකම සිරස් අතට සඳහන්ව පැවතීම,
නොට්ටුවේ හරස් පැති දෙකෙහි කුඩා ඉරි සහිත අතට හසුවන දාර දෙකක් තිබීම, නෝට්ටුවේ කළු පැහැති පටියක් තිබීම මෙන්ම ව්‍යාජ මුදල් නොට්ටුවක් ඝනකමින් වැඩිවීම ආදිය කෙරෙහි මෙහිදී අවධානය යොමු කළයුතු වේ
ඊට අමතරව නෝට්ටු බණ්ඩලයක් ගැනීමේදී එකකින් එක පරීක්ෂා කිරීම හා මෙවැනි සැක සහිත නෝට්ටු ලද විගස ඒ සම්බන්ධයෙන් පොලීසිය වෙත දැනුම්දීම ආදිය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන්නැයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.