මෙවර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාවය හිමිකර ගත් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම පිළිගැනීමට ජැමෙයිකානු රජය විශේෂ වැඩසටහන් සංවිධානය කර තිබුණි.
ඒ අනුව සුඛෝපභෝගී කාර් 10කින් විනාඩි 25ක රථ පෙළපාලියකින් ක්‍රිස් ගේල් හා මාලන් සැමුවෙල් ඇතුළු කොදෙව් පිලේ සාමාජිකයින් සිය රටවැසියන්ට ආචාර කරමින් වීදි සංචාරය කර ඇත.
අනතුරුව ඔවුන් දෙදෙනා ජැමෙයිකානු අග්‍රාමාත්‍යවරිය වන සොරීටා සිම්ප්සන් මිලර් මහත්මියව හමුවී ඇති අතර එහිදී ඇය මොවුන් දෙදෙනාට සමරු චිත්‍ර දෙකක් ද පිළිගන්වා තිබේ.
එම සමරු චිත්‍ර තම නිදන කාමරවල සවි කර ගන්නා බව ඔවුන් දෙපළම අග්‍රාමාත්‍යවරියට පවසා ඇත.