ශ්‍රී ල○කා නායක මහේල ජයවර්ධන අවසන් පුහුණු සැසිය අවසානයේ මාධ්‍යවෙත අදහස් දැක්වීමට අද(06) දිනයේ එක්විය.
සුවිශාල වෙනස්කම් නොමැතිව අනෙක් තරග ආකාරයෙන්ම තරග කිරීම තමන්ගේ අරමුණ බව පැහැදිළි කලේය. මින් ඉහත අවසන් තරග තුනකට සහභාගිවුවී ඇති ශ්‍රී ල○කා කණ්ඩායම මෙවර අවසන් තරගයකට මුහුණ දෙන්නේ තම මව්බිමේ සිටය. මින් ඉහත මහේල කියාසිටියේ මින් පෙර වෙනත් රටවල්වල අවසන් තරගවල ක්‍රීඩා කරත් මෙවර තරගකරන්නේ මව්බිමේ වීම සුවිශේෂි බැවින් සුවිශේෂී තරග සැලසුමක් සහිතව ක්‍රීඩාකරන බවය.
මෙම තරගය කණ්ඩායමට අමතර පීඩනයක් නොවන බව පැහැදිලි කල මහේල, තමන්ගේ ප්‍රේක්ශක ජනතාව ඉදිරියේ ක්‍රීඩා කිරීම වාසනාවක් බවත්, ඔවුන්ගේ සහයෝගය හා දිරිගැන්වීම කණ්ඩායමට විශාල ශක්තියක් බවත් පැවසීය.
"අවසන් තරගයක් ඔවුන් ඉදිරියේ ක්‍රීඩා කරන්න ලැබීම ගොඩක් ශක්තියක් අපේ ක්‍රීඩකයන්ට, ඒක අපි පීඩනයක් හැටියට ගනන් ගන්නෙ නැහැ"
ක්‍රිස් ගේල්ගේ "ශ්‍රී ල○කාවට මම ගොඩාක් ආදරෙයි, ඒත් සමාවෙන්න මේ පාර කුසලානය අපේ" යන ප්‍රකාශය තමන්ට අමතර මානසික පීඩනයක් ගෙන දෙන්නේ දැයි මාධ්‍යවේදියෙකු නැගූ පැනයට සිනාමුසුව පිළිතුරුදුන් මහේල එය ගේල්ට අමතර පීඩනයක් ගෙන දෙනු ඇතිබව ප්‍රකාශ කළේය.
"එය ඔහුගේ ප්‍රකාශයක්, මට ඒ ගැන කිසිවක් ප්‍රකාශ කරන්න බැහැ. ඒක එයා බලා ගනීවි. එය ගේල්ට පීඩනයක් වූවාට අපේ කණ්ඩායමට බලපෑමක් නැහැ."
අවසන් තරගය පිළිබදව අවසන් තීරණයක් ගෙන නොමැති බවත්, කණ්ඩායමේ ශක්තිය අනුව සැලසුම් සකස් කරමින් තරග කිරීමට බලාපොරොත්තුවන බව පැවසීය.
"අපගේ තරග සැලසුම ඕස්ට්‍රේලියාවේ සැලසුම් වලට වෙනස්, එම අවස්ථාවේ ක්‍රීඩාකරන රටාව අනුව අපේ සැලසුම් වෙනස් කරමින් අපි ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවෙනවා"
ඕනෑම කණ්ඩායමක් දිනයේ දක්වන දක්ෂතාවය අනුව තරග ජයග්‍රහණය කරන අතර ඕස්ට්‍රේලියාවට එරෙහිව බ.කොදෙව්වන්ගේ ජයග්‍රහණය එතරම් බලපෑමක් තමන්ට නොකරන බව පැවසීය.
ක්‍රිස් ගේල් සම්බන්ධව විශේෂ සැලසුම් ඇත්දැයි අසන ලද පැනයකට පිළිතුරුදෙමින් මහේල කියා සිටියේ, අප එක් ක්‍රීඩකයෙකු ගැන සැලකිලිමත් වෙමින් තරග සැලසුම් කරන්නෙ නැහැ. අප ක්‍රීඩා කරන්නේ සම්පූර්ණ කණ්ඩායම සමගයි, සෑම ක්‍රීඩකයා පිළිබදව අපට හොද අවබොධයක් තියෙනවා, ඒ වගේම සෑම ක්‍රීඩකායා සදහාම සැලස්මක් සමග ක්‍රීඩාකරනවා. ක්‍රිස් ගේල් යනු තවත් එක් ක්‍රීඩකයෙකු පමණයි."
එක් ක්‍රීඩකයෙකු ගැන සැලකිලිමත් වීමේන් තරග ජයගත නොහැකිබව එහිදී ඔහු පැහැදිළි කළේය.
බටහිර ඉන්දීය කොදෙව්වන් සුළු කොට තැකීමට අපහසු කණ්ඩායමක් බව සදහන් කළ මහේල ඔවුන් මෙම විස්සයි විස්ස රටාවේදී භයානක කණ්ඩායමක් බවද පැවසීය.
අවසන් වශයෙන් ශ්‍රී ල○කා ප්‍රේක්ශකයින් අමතා මහේල කියාසිටියේ සෑම සියළුදෙනාගේම හදවතේ නැගෙන ප්‍රාර්ථනාව තමන්ට විශාල ශක්තියක් බවය. සියලුම ප්‍රේක්ශක ජනතාවට ක්‍රීඩා පිටියට පැමිණිය නොහැකි බවත් එනමුත් ඔවුන් ක්‍රීඩා පිටියෙන් ඉවත සිට තමන්ට ශක්තියක් වන බව තමන් හොදින් දන්නා බවත් පැවසීය.
මෙවර අවසන් තරගයට පිවිසෙන්නේ විශාල බලාපොරොත්තුවක් සහිතව බව පැවසූ මහේල මෙවර එය සුවිශේෂී බවද පැවසීය.