ක්‍රිකට් ක්‍රීඩාවෙන් ජීවිතය ජයගත් පුලින


30000 කට අධික මිනිස් ජීවිත බිලිගනිමින් සුනාමි රළ පෙළ ශ්‍රී ලංකා වෙරළ තීරය විනාශකරමින් ගැලුවේ ‍ 2004 දෙසැම්බරයේ ය. ඒ ‍වනවිට පුලින තරංග අවුරුදු 11ක කුඩා දරුවෙකි. පුලිනව මෙලොවට බිහි කළ අම්මා සුනාමි රකුසාට බිළිවිය. අවසානයේ පුලිනට ඉතිරි වූයේ තම තාත්තාත් අයියාත් පමණි. ඒත් එයින් අවුරුදු තුනකට පසුව දියඹට ගිය පුලිනගේ තාත්තාත් මුහුදු රකුසා විසින් බිලි ගත්තේය.

එදා කුඩා දරුවෙකු වූ පුලින දැන් වයස 18 හැවිරිදි තරුණයෙකි. තවද ඔහු අවුරුදු 19 න් පහල ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙකි.
මව් පිය සෙනෙහස නොමැතිව කඩා වැටුණු ජිවිතය ගොඩ නගා ගැනීමට පුලිනට ශක්තියක් වූයේ ක්‍රිකට් ක්‍රීඩාවයි. කුෂිල් ගුණසේකරගේ Foundation of Goodness පුණ්‍යායතනය ද ජීවිතය ජයගන්නට වෙරදරන පුලිනට ‍විශාල ධෛර්යයක් විය.
පසුගියදා ඕස්ට්‍රේලියාවේ පැවති 19 න් පහල ලෝක කුසලාන තරඟාවලියේදී පුලින තරංගගේ දස්කම් අයිලන්ඩ් ක්‍රිකට් වෙබ් අඩවිය හරහා මුළු ලෝකයටම පෙන්වුයේය.
සුනාමියෙන් අහිමිවී ගිය ජිවීතය ක්‍රිකට් ක්‍රීඩාවෙන් ජයගත් පුලින තරංග ගේ සුභ අනාගතය‍ට ක්‍රිකට් ක්‍රීඩාව ආශිර්වාදයක්ම වේවා !

Gossip Lanka Hot News Previous News Archive