පොලේ ගිහින් රනිල් ට වෙචිචදෙයක්


රනිල් සන් ග්ලාස්  ගෙන පොලේ කුණු බැනුම් ඊයේ (18) පෙරවරුවේ නුගේගොඩ වෙළෙඳපොළ සංකීර්ණයට ගිය එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට වෙළෙඳුන් කෙරෙන් දැඩි විරෝධතාවක් පළවිය. ආණ්ඩුවට විරුද්ධව පත්‍රිකාවක් බෙදීම සදහා ගිය අවස්ථාවේ ඔහුට මෙසේ වෙළදුන්ගේ විරෝධය පළවිය.
“ඔබතුමා මේ පක්ෂය විනාශ කරමින් ආණ්ඩුවට කඩේ යනවා. තවත් අපිව රවට්ටන්න එපා” යැයි එක් වෙළෙඳ මහතෙක් පැවසූවේ වික්‍රමසිංහ මහතා දුන් පත්‍රිකාව ද ප්‍රතික්ෂේප කරමිනි. “පක්ෂයේ වැඩකාරයන් ටික එළවලා දමලා ඔබතුමා පක්ෂයට කරන මේ අපරාධය කුමක්ද” දැයි එක් වෙළෙඳ ව්‍යාපාරිකයෙක් ප්‍රශ්න කෙළේය.

වික්‍රමසිංහ මහතා වෙළෙඳසල් 50කට පමණ ගොස් පත්‍රිකා බෙදා හැර පසුව එහි වූ පඩිපෙළේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා පැය බාගයකින් එම මාධ්‍ය මෙහෙයුමද නිමකර පිටව ගොස් ඇත.

Gossip Lanka Hot News Previous News Archive