ලෝක කුසලානය පැරදුනේ ඇයි ?- ගෝඨාභය රාජපක්‍ෂ මහතා පහදයි


විස්සයි-20 ලෝක කුසලාන අවසන් මහා තරගයෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වූයේ ක‍්‍රීඩකයන් තුළ ආත්ම විශ්වාසය නොතිබුණ නිසා බව රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ  ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අවධාරණය කර සිටියි.
ලෝක කුසලාන 20-20 ක‍්‍රිකට් තරගයේ පරාජය සම්බන්ධයෙන් හෙතම මෙම අදහස් පල කළේ,   අමාත්‍යංශ ශ‍්‍රවණාගාරයේ අද (08)  පැවැති විදුහල්පතිවරුන්ට බ‍්‍රවේ කර්නල් තනතුරු පිරිනැමීමේ සමාරම්භක උත්සව අවස්ථාවට එක්වෙමිනි.
'' අපි ලෝක කුසලානය පැරදුනා වගේම ඒ ගැන කල්පනා කිරීමේදී නායකත්ව වැඩසටහන්වල ඇති වැදගත්කමක් ඉස්මතුවෙනවා. අපේ ක‍්‍රිකට් කණ්ඩායම සිවු වැනි වතාවටත් අවසන් තරගයට පැමිණියත් අපට ලෝක කුසලානය දිනා ගන්න බැරි වුණා.
පසුගිය දවසක ට්‍රොනි
ගේ‍්‍රච් මා මුණ ගැසුණා. ඔහුත් මේ සම්බන්ධව මා සමඟ කතා කළා. ආත්ම විශ්වාසය නැති මේ පාරත් අපට ලෝක කුසලානය දිනා ගන්න නොහැකි වූවා.
ඒ නිසා දෙමාපියන්, ගුරුවරුවගේම විදුහල්පතිවරුන්ට පාසල තුළ ළමයින්ට නායක්වය කියා දීමේ වැඩපිළිවෙලක් තිබිය යුතුයි. අධ්‍යාපයන වගේම නායකත්වයත් වැදගත් කාරණයක්.
නිදහසේ හිතන්න. තීරණ ගන්න ඔවුන්ට ඉඩ දිය යුතුයි” ගෝඨාභය රාජපක්‍ෂ මහතා එම උත්වසයේදී වැඩිදුරටත් පැවැසීය.

Gossip Lanka Hot News Previous News Archive