කියුබාවේ හිටපු නායක ෆිදෙල් කස්ත්‍රෝ තමා මරණාසන්නව සිටින බවට කටකතා පළ කරන්නන් දැඩි දෝෂ දර්ශනයට ලක් කළේය.
ඔහු යහපත් ශරීර සෞඛ්‍යයෙන් පසුවන බව පෙන්නුම් කරමින්, දැනට අසූහය වැනි වියේ පසුවන කස්ත්‍රෝ, පාලක කොමියුනිස්ට් පක්ෂයේ නිල පුවත්පත වන ග්‍රැන්මා (Granma ) පුවත්පත කියවමින් සිටින ඡායාරුපයක් ද ඇතුළත් ලිපියක් අද කියුබානු රාජ්‍ය මාධ්‍යයන්හි පළ කොට තිබිණ.
තමාට සිහි කල්පනාව පවා නැති බවක් පවසමින් තම ශරීර සෞඛ්‍යය සම්බන්ධයෙන් කටකතා පතුරවන්නන් කොතරම් අගෞරවනීය මට්ටමින් ක්‍රියා කරන්නේද යන්න පෙන්නුම් කිරීම සඳහා, තමා ඇතුළත් ඡායාරූප ජන මාධ්‍යය වෙත නිකුත් කරන ලද බවයි කස්ත්‍රෝ පවසන්නේ.
වෙනිසියුලානු දේශපාලඥයකු සමග මෙයින් මාස කීපයකට පෙර ප්‍රසිද්ධියේ පෙනී සිටී ෆිදෙල් කස්ත්‍රෝ මහජනතාව ඉදිරියට පැමිණියේ නැහැ.