ඉන්දීය ජනප්‍රිය නිලි කරීනා කපූර් සහිෆ් අලි ඛාන් සමග විවාහ ගිවිස ගනී

ඉන්දියාවේ සුපිරි නළු නිළි යුවලක්‌ වූ සයිෆ් අලි කාන් හා කරීනා කපූර් ඊයේ (16) විවාහ ගිවිස ගත් බව වාර්තා වේ. දෙදෙනා තෝරා ගෙන ඇත්තේ සාම්ප්‍රදායික විවාහයෙන් බැහැර වූ උසාවියේ ලියා පදිංචි කරන විවාහයකි.

සැප්තැම්බර් 12 වැනිදා බන්ද්‍රාහී විවාහ ලියා පදිංචි කිරීමේ කාර්යාලයට ගිය සායිෆ් විවාහ අයදුම්පත ගොනුකර තිබේ. ඉන් පසුව එළැඹෙන දින තිහේදී දෙදෙනා නීතියෙන් විවාහ වීම අනිවාර්ය වන අතර ඒ අනුව ඊයේ දිනයේ ඔවුන් දෙදෙනා විවාහ ගිවිසගනු ලැබිය.

කරීනා සිය තිස් දෙවැනි උපන් දිනය සැමරුවේ සැප්තැම්බර් 21 වැනි දිනය.මේ වනවිට සයිෆ් ගේ වයස අවරුදු 42 කි.2001 දී දිල් චාතා හේ චිත්‍රපටයෙන් රිදී තිරයට පැමිණි සයිෆ් අලිකාන් 2004 දී සිය බිරිය වූ අම්රිතා සිංගෙන් දික්‌කසාද විය. එම විවාහයෙන් ඔහුට දරුවන් දෙදෙනකු සිටි.

කරීනාගේ විවාහයෙන් පසු තිරගත වන පළමු සිනමාපටය වනු ඇත්තේ අමීර් ඛාන්ගේ ‘තලාෂ්’ය. එහි කරීනා කපූර් ඛාන් ලෙස ඇයගේ නම සඳහන් වීමට බොහෝ දුරට ඉඩ ඇත.විවාහය නිසා කරීනාගේ ජීවිතයේ කිසිදු වෙනසක් සිදු නොවෙයි. 


ඇයගේ වාසගම, ආගම මේ කිසිවක් වෙනස් නොකිරීමට තරම් සායිෆ්ගේ ආදරය ප්‍රබලය. එහෙත් විවාහයෙන් පසු තම උපන් වාසගම ළඟට ඛාන් වාසගම එක්කර ගැනීමට කරීනා බලාපොරොත්තු වන්නීය.ඇයගේ නම කරීනා කපූර් ඛාන් වන්නේ ඒ අනුවය. 

කරීනා කපුර්ගේ සීයා රාඡ් කපූර්ය. සයිෆ් අලිකාන්ගේ පියා ප්‍රකට ක්‍රීඩකයකු වූ මන්සූර් අලි කාන් වේ. ඔහුගේ මව ප්‍රකට නිළියක්‌ වූ ශර්මිලා තාගෝර්ය. 

ඇය පවසන්නේ දෙදෙනා පස් වසරක සිට එක වහලක් යට දිවි ගෙවන බවයි. නීතියෙන් විවාහ වීමෙන් පසු නව යුවළ ගත කිරීමට බලාපොරොත්තු වන්නේ 250 වැනි මධුසමය බව ද ඇය පවසා ඇත්තේ කවුරුත් පුදුමයට පත් කරමිනි.

කෙසේ වුවත් සාම්ප්‍රදායට අභියෝග නොකර උසාවි විවාහයෙන් පසු මූම්බායිහී, ටාජ් හෝටලයේ, මුස්ලිම් චාරිත්‍රයට අනුව විවාහ උත්සවයක් ද පැවැත්වෙනු ඇත. ඉන්පසු බෝපාල්හී මහ ගෙදරට දෙදෙනා පිටත්ව යාමට බලාපොරොත්තුවෙන් සිටිති.







-ඔවුන්ගේ විවාහයේ ජායාරුප එකතුවක් -



























 

Gossip Lanka Hot News Previous News Archive