අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට පහරදුන් සැකකරුගේ ජායාරූපයක් ,ලේකම්වරයාගේ ප්‍රකාශ මත සකස් කරමින් පවතින බව කොළඹ අපරාධ කොට්ඨාසය අද අධිකරණයට දැනුම් දුන්නේය.
අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතා විසින් දෙන ලද ප්‍රකාශයේ ඔහුට තර්ජනයක් හෝ කිසිදු පුද්ගලයෙකු පිළිබඳ සඳහනක් කර නොමැති බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළේය.
මංජුල තිලකරත්න මහතාගේ දුරතකන ඇමතුම් පිළිබඳව අදාළ සමාගම්වලින් ලබා ගත් දත්ත සම්බන්ධයෙන් ද ,පරීක්ෂණ සිදු කෙරෙන බව පොලීසිය අධිකරණයට දන්වා තිබේ.
කඩිනම්න් පරීක්ෂණ පවත්වා වහා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ලබන 17 වැනිදා අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙස ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය නියෝග කළාය.
අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට එල්ල වූ ප්‍රහාරයට විරෝධය පළ කරමින් ,පසුගිය දෙදින තුල අධිකරණ කටයුතු නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවුණත් අද වන විට අධිකරණ කටයුතු සාමාන්‍ය තත්වයට පත්ව තිබුණි.
අධිකරන සේවා කොමිෂන් සභාවේ ,ලේකම්වරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරිමට ශ්‍රී ලංකා රජය වහාම පියවර ගත යුතු බව,අයි.සී.ජේ,හෙවත් , ජාත්‍යන්තර නීතිවේදී කොමිසම අවධාරණය කළේය.
එහි කලාපීය අධ්යක්ෂ සෑම් තරීසි මහතා පවසන්නේ,මෙම පහර දීම ශ්‍රී ලංකාවේ අධිකරණයේ සහ නීතියේ ස්වාධිපත්‍ය පසුපසට හෙලන තවත් පියවරක් බව ය.
ශ්‍රී ලංකා රජය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා වහා අපරාධකරුවන් නීතිය හමුවට පැමිණිය යුතු බව ද ඔහු අවධාරණය කළේය.
අධිකරණ ක්ෂේත්‍රෙය් වත්මන් තත්වය පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම සඳහා අද පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවූහ.
ඊයේ පාර්ලිමේන්තුවේ දී ද මේ සම්බන්ධයෙන් අදහස් පළ විය.
මංජුල තිලකරත්න මහතාට පහර දීමේ සිද්ධියට විරෝධය පළ කරමින් නීති පීඨ සිසුහු පිරිසක් අද කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨය ඉදිරිපිට දී විරෝධතාවක් පැවැත්වූහ.
අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට පහර දීම සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරු හඳුනා ගැනීමට පොලීසිය මහජන සහය අපේක්ෂා කරයි.
පොලිස් මූලස්ථානය පවසන්නේ ප්‍රධාන සැකකරුගේ රූප විස්තර වලට අනුව අපරාධ වාර්තා කොට්ඨාසයේ සිතුවම් ශිල්පියා චිත්‍රයක් නිර්මානය කර ඇති බවය.
මෙම චිත්‍රයට සමාන හැඩරුව ඇති සැකකටයුතු පුද්ගලයෙකු ඔබ හඳුනන්නේ නම් මෙම දුරකතන අංක වලට දැනුම් දෙන ලෙස පොලිස් මූලස්ථානය ඉල්ලා සිටී.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති-බස්නාහාර පළාත
0777-755950 , 0112-441147
නියෝජ්‍ය පොලිස්පති-කොළඹ දිසාව
0112-431428
අධ්යක්ෂ කොළඹ අපරාධ කොට්ඨාසය
071-7774400 , 0112-662323
සහකාර පොලිස් අධිකාරී- කොළඹ අපරාධ කොට්ඨාසය
0777-661137 , 0112-662322
ස්ථානාධිපති- කොළඹ අපරාධ කොට්ඨාසය
071-060906 , 01120662311