මුහුදේ දිය නාමින් සිටි රූමත් කතකට දිය යටින් ගොස් ලිංගික අතවර කරයි


මීගමුව වෙරළ උද්‍යාන මුහුදු තීරයේ දියනාමින් සිටි සුරූපී යොවුන් විවාහක යුවතියකට දියයටින් ගොස්‌ ඇයගේ ශරීරය බලෙන් ස්‌පර්ශ කර ඇයට ලිංගික අතවර කළ අයෙක් අත්අඩංගුවට ගෙන ඇත. 
තිස්‌සමහාරාමය බෙරලිපොල වම් ඉවුරේ පදිංචි එම්. එරංග චන්ද්‍රවංශ නමැති සැකකරු රුපියල් 10,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්‍ෂ දෙකක ශරීර ඇප මත රිමාන්ඩ් භාරයෙන් මුදා හැර ඇත.

අතවරයට පත් කාන්තාව සිය සැමියා සහ නැඟණිය සමඟ මුහුදේ නෑම සඳහා මීගමුව වෙරළ උද්‍යානයේ ඒත්තුකාල වෙරළ තීරයට පැමිණ මුහුදේ නාමින් සිට ඇත. 
මෙහි සැකකරු එම කාන්තාවන් දෙදෙනාට සමීප වීමට තැත්කරද්දී එම කතුන් සැකකරුගෙන් මඳක්‌ ඈතට ගොස්‌ මුහුදේ නාමින් සිට ඇත. එම අවස්‌ථාවේ සැකකරු දියයටින් පිහිනා ගොස්‌ එම විවාහක කතගේ ශරීරය ස්‌පර්ශ කරමින් ඇයට ලිංගික අතවර සිදුකොට ඇත. එවිට එම කාන්තාව සහ නැගණිය විසින් සැකකරුට පහරදී ඇත. පසුව පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ඇත.

Gossip Lanka Hot News Previous News Archive