පාකිස්තාන කණ්ඩාමේ හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් කැනඩාවේ ටොරන්ටෝ ගුවන් තොටුපළේ දී ඇමරිකා බලධාරීන් විසින් රදවාගෙන ප්‍රශ්න කරනු ලැබ ඇතැයි වාර්තා වේ.
ඇමරිකාවේ නිව්යෝර්ක් නගරය බලා පියාසර කරන ගුවන් යානයකට නැගී සිටින විට ගුවන් තොටුපලේ සිටි ඇමරිකා බලධාරීන් තමන් ගුවන් යානයෙන් බස්සවා ප්‍රශ්න කිරීම් සදහා රැගෙන ගිය බව ඉම්රාන් ඛාන් පවසයි.
ඇමරිකා ඩ්‍රෝන ප්‍රහාරක යානා පාකිස්තානයේ සිදුකරන මෙහෙයුම් පිළබදව තමා දරන ස්ථාවරය පිළිඹදව ඔවුන් ප්‍රශ්න කළ බව ඔහු කියයි.
ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව ඔහුට ඇමරිකාව බලා පියාසර කිරීමට අවසරය දී ඇති අතර හෙතෙම ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයට ළගා වී තිබේ.