සියළු ත‍්‍රී-රෝද රථ සඳහා මීටර් අනිවාර්යයි


කුලී ගමන් සඳහා යොදවා ඇති සියළුම ත‍්‍රීරෝද රථවලට මීටර් සවි කිරීම අනිවාර්ය කිරීමට මෝටර් රථ ප‍්‍රවාහන කොමරිසාරිස් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

දැනට මීටර් සවිකර කුලී ගමන්වල යෙදෙන ත‍්‍රීරෝද රථ හැර අනෙකුත් ත‍්‍රිරෝද රථ සඳහා මෙම නීතිය ක‍්‍රියාත්මක කෙරන බව මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් එල්.එච්. හරිස්චන්ද්‍ර මහතා පවසයි.


දැනට රට තුල ත‍්‍රී රෝද රථ ලක්‍ෂ හතරකට වඩා වැඩි ප‍්‍රමාණයක් කුලී ගමන් සේවාවල යෙදෙන බවත් පවසන ඔහු අදාල සංශෝධන මෝටර් රථ ආඥා පනතට ගෙන ඒමට බලාපොරොත්තු වන බවද කියා සිටී.

Gossip Lanka Hot News Previous News Archive