තමා නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගත්බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කරන ලද පෙත්සම පවත්වාගෙන යාමට නිරෝෂා විමලරත්න (ඩිලානි) නැමැත්තියට ඊයේ (04) අවසර හිමිවිය.
කොල්ලුපිටිය ක්ලියෝපැට්රා හෝටලයේදී නාගයකු සමග සිටියදී අත්අඩංගුවටපත් නිරෝෂා, නාගයා තමන්ට නැවත භාර දෙන ලෙස ද මෙම පෙත්සම මගින් ඉල්ලා ඇත. මෙම නාගයා දැනට දෙහිවල සත්තු වත්තට බාර දී ඇත.
මෙම නඩුව ලබන වසරේ මාර්තු 28 වැනිදා විභාගයට ගැනීමට නියමිතය.
පෙත්සමට අවසර ලද පසු නිරෝෂා අධිකරණ භූමියෙන් පිටතට පැමිණි අවස්ථාවයි මේ.
පෙර ලිපිය බලීම සදහා මෙතනින්