ඔරුගොඩවත්ත ගුවන් පාලම අසල ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් ඉන්ධන ප්‍රවාහන නලයක කාන්දුවක් සිදුව තිබේ.
ලංකා ඉන්ධන තොග ගබඩා පර්යන්ත සමාගමේ මාධ්‍ය ප්‍රකාශක නිශ්ශංක ජයවර්ධන මහතා පැවසුවේ, පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ මෙම තෙල් කාන්දුව හටගෙන ඇති බවට සැක කරන බවය.
එම නලය අලුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ඔහු සඳහන් කළේය.
මෙලෙස කාන්දුව හටගෙන ඇත්තේ කොළඹ වරායේ සිට කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තය වෙත ඉන්ධන රැගෙන යන නලයක බව ද නිශ්ශංක ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.