ගඩාෆි මැරූ කැරලිකරුවන් නව පාලකයන්ටත් ඇණයක්


ලිබියාවේ හිටපු නායක මුවම්මර් ගඩාෆිගේ රජය පෙරළා දැමීමට කටයුතු කළ කැරලිකාර සෙබළු දැන් එරට දෝෂදර්ශනයට ලක්වෙමින් සිටිති. එරට දැන් පවත්නා අර්බුදකාරී තත්ත්වයට වගකිව යුත්තේ ඔවුන් බවට විශ්වාස කෙරේ. ඔවුන් ආයුධ බිම තැබීම ප්‍රතික්ෂේප කරමින් නව පාලකයන් ගණන් නොගෙන සිය අභිමතය පරිදි කටයුතු කිරීමට පෙළැඹී සිටිම ඊට හේතුවයි.
හිටපු සන්නද්ධ කල්ලි මර්දනය කිරිමට අන්තර්වාර පාලකයන් අපොහොසත් වි ඇත. ලිබියා කැරැල්ලේ මුලිකත්වය ගෙන කටයුතු කළ රට වෙනුවෙන් දිවි පිදූ, ලේ හැලූ සහ දැන් අසරණ වී සිටින යුද විරුවන්ට නිසි සැලකිල්ලක් නොදක්වන බව පවසන හිටපු සන්නද්ධ කල්ලි පවසන්නේ තමන් අවි බිම තැබුවහොත් රට අනාරක්ෂිත තත්ත්වයට පත්විය හැකි බවයි.
මේ සම්බන්ධයෙන් වත්මන් පාලකයන් නිසි ක්‍රියාමාර්ගයකට යොමු නොවුවහොත් යළිත් කැරැල්ලක් ඇතිවිය හැකි බවට ඔවුන් අනතුරු අඟවා ඇත.
වසර 2011 ඔක්තෝබර් 20 දින සරිට් නගරයේදි ගඩාෆි අල්ලා ගෙන ඔහු ඝාතනය කිරීමෙන් නිතිය ඉක්මවා කටයුතු කළ කැරලිකරුවන්ට එරෙහිව නිසි ක්‍රියාමාර්ගයක් නොගැනිම සම්බන්ධයෙන් මානව හිමිකම් සංවිධාන අන්තර්වාර පාලකයන්ට චෝදනා කරයි.

Gossip Lanka Hot News Previous News Archive