ශ්‍රී ලංකාව ආසියාවේ ඉහල තැනකට


ආසියාවේ ප‍්‍රමුඛත ම නැගි එන හෝටල සහ නිකේතන වෙළෙඳපොලක් ලෙස ශී‍්‍ර ලංකාව කැපී පෙනෙන බව හොංකොං නුවර පැවති ප‍්‍රමුඛ හෝටල් ආයෝජකයන්ගේ සමුළුවක දී සඳහන් විණි.
හොංකොං නුවර පැවති 23 වන වාර්ෂික හෝටල ආයෝජකයින්ගේ ආසියා – පැසිෆික් සමුළුවේ ආයෝජන පසුබිම පිළිබඳ පොදු සැසියේ දී ආසියාවේ නැගී එන හෝටල සහ නිකේතන වෙලෙඳපොල ලෙස ශී‍්‍ර ලංකාව සහ මියන්මාරය කැපී පෙනෙන බව කථිකයෝ සඳහන් කළහ.
දශක තුනක යුද්ධය නිමවීමෙන් පසු බොහෝ කාලයක් මුලූ ගැන් වී තිබුණු හෝටල් සංවර්ධනය වේගවත් වී ඇතැයි කථිකයෝ එහිදී පෙන්වා දුන්හ. ඩුබායි නුවර ජේ. ඒ. රිසෝට්ස් අධිපති කෙවින් වොලස් මහතා ප‍්‍රකාශ කළේ සංචාරක ගමනාන්තයක් ලෙස ශී‍්‍ර ලංකාව සතු සාධනීය අංග බොහෝ තිබෙන බව යි.
ව්‍යාපාරවලට පාරදෘශ්‍ය නියාමයන් ශී‍්‍ර ලංකාවෙහි ඇති බව ද වොලස් මහතා පැවසීය. සත්කාරක ව්‍යාපාරය සඳහා ්‍යදඑැකභැඅිභදඅගජදප වෙබ් අඩවිය ද ඔහු හඳුන්වා දුන්නේය.
ව්‍යාපාරිකයන් විසින් මුල් අවස්ථාවේ දී ම ශී‍්‍ර ලංකාව වෙත පැන ගෙන ආ නමුත් තවමත් ඉඩම් මිලදී ගෙන සුඛෝපභෝගී හෝටල ඉඳිකිරිමේ අවස්ථා අපමණ ඇතැයි ද ඔහු පැවසීය. එසේම ඊ ළග වසර කිහිපය තුළ ශී‍්‍ර ලංකාවට ගොස් නවීන පන්නයේ තරු 4 හෝ 3 හෝටල ඉදි කරන  ඕනෑම කෙනෙකු සාර්ථක වනු ඇතැයි ද වෝල්ස් මහතා විශ්වාසය පළ කළේය.

Gossip Lanka Hot News Previous News Archive