Pages

පොලීසිය හිටියත් පරීක්ෂා කළේ නැහැ - කංගැට්ටාගෙන් C.I.D. යට ප‍්‍රකාශයක්

කොළඹ ජාතික කෞතුකාගාරයේ සිදු වූ සොරකම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප‍්‍රධාන සැකකරු වන ලංසගේ ප‍්‍රියන්ත හෙවත් ” කංගැට්ටා ” එම සොරකම පිළිබඳ පාපොච්චාරණයක් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු පැවසුවේ සොරකම සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී ඇති බවයි.


සොරකම සිදුකර කෞතුකාගාරයෙන් පිටතට පැමිණෙන විට පොලිස් ජීප් රථයක් ප‍්‍රධාන මාර්ගයේ නවතා තිබූ බව

ඔහු පොලීසියට ප‍්‍රකාශ කර තිබෙනවා. එහෙත්, පොලිස් නිළධාරීන් තමන්ව පරීක්ෂා නොකල බවයි සැකකරු වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබෙන්නේ. කෞතුකාගාරයෙන් පිටතට පැමිණෙන විට සොරා ගත් කඩුවක් ද ආරක්ෂාව සඳහා රැගෙන ආ බව ඔහු අපරාධ පරීක්ෂණ නිළධාරීන් හමුවේ ප‍්‍රකාශ කර තිබෙනවා. කොළඹ ජාතික කෞතුකාගාරයේ සොරකමට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු ගල්කිස්ස ප‍්‍රදේශයේ හෝටලයක පෙදරේරුවෙකු වශයෙන් සේවය කරමින් සිටිය දී ඊයේ අත්අඩංගුවට ගැනුණා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ වැටලීමකදීයි.