ඉන්දීය කොටි තහනම දික් කරන්න යැයි ඉල්ලමින් තමිල්නාඩුවත් උසාවි යයි..
ශ්‍රී ලංකාව තුල එල්ටීටීඊ සංවිධානය යුධමය වශයෙන් පරාජය කර ඇතත් එහි ඉතුරු වී ඇති සංවිධාන දෙමළ ඊළම අත හැර නිමැති බවත් තමිල්නාඩුව මූලික කරගනිමින් වෙනම රාජ්‍යයක් බිහි කරගැනීමට ඔවුන් ක්‍රියාකරමින් සිටින බවත් පවසමින් එය ඉන්දියාවේ ස්වෛරීභාවයට හා භෞමික අකණ්ඩතවයට තර්ජනයක් බව පවසමින්,එබැවින් ඉන්දියාව තුල කොටි තහනම දීර්ඝ කරන ලෙස ඉලමින් ඉන්දීය රජය අධිකරණය හමුවේ කරුණු දක්වා තිබේ.
The Central government has information that the LTTE continues to be a threat to territorial integrity and sovereignty of the country,”
ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ආරක්ෂක ආරක්ෂක අධ්යක්ෂ R. K සුමන් විසින් විනිශ්චකාර VK ජෙයින් ගේ මූලිකත්වයෙන් පැවති ඒකපුද්ගල විමර්ශන කොමිෂම හමුවේ අදහස් දක්වමින් මේ බව පවසා තිබේ.
“එල්ටීටීඊය ශ්‍රී ලංකාව තුල යුධමය වශයෙන් පරාජය කර විනාශ කලා.නමුත් ඔවුන්ගේ ඉතුරු වී ඇති කාඩරයන් සහ නායකයන් නැවත සංවිධානය වෙමින් සිටිනව.ඔවුන් තමිනාඩුවේ මෙන්ම වෙනත් ප්‍රදේශවල නැවත පණ ගසමින් තියෙනව. එල්ටීටීඊය ඉන්දීය විරෝධී කටයුතු සඳහා තමිනාඩුව යොදා ගනිමින් සිටිනව.ඔවුන් දෙමළ ඊළම පිලිබඳ බලාඅපොරොත්තු අත හැරල නෑ.”යැයි සුමන් පවසයි.
මෙම ඉල්ලීමට සහය පලකරමින් තමිල්නාඩු ප්රාන්තයෙන්ද නීතිවිරෝධී කටයුතු වැලැක්වීමේ කොමිෂම වෙත (Unlawful Activities (Prevention) Tribunal)තොරතුරු සපයා ඇතැයිද වාර්ථා වේ.එය හමුවේ අදහස් දැක්වූ තමිනාඩු පොලිස් පරීක්ෂක සම්පත් කුමාර් “තමිල්නාඩුව තුල බොහෝ සංවිධාන සමග එටීටීය සබඳතා පවත්වනවා .ඔවුන්ගේ අරමුණ තමිල්නාඩුව මූලික වූ ‘මහා තමිනාඩුව’ වැනි වෙනම පාලනයක්”යනුවෙන් පවසා තිබේ.
කෙසේ වෙතත් මෙම අදහස් පලකිරීම හමුවේ තමිල්නාඩු දේශපාලනඥ්ඥයෙක් මෙන්ම ප්‍රකට කොටි හිතවාදියෙක් වන MDMK පක්ෂයේ මහ ලේකම් ගෝපාලස්වාමි හෙවත් වයිකෝ විසින් එල්ටීටී තනම දීර්ඝ කරනවාට එරෙහිව කරුණු දක්වා තිබේ.
1991 මැයි මාසයේදී රාජීව් ගාන්ධිගේ ඝාතනයෙන් පසු ඉන්දීය රජය විසින් එල් ටී ටී ඊය තහනම් ත්‍රස්ත සංවිධාන ලැයිස්තුවට ඇතුලත් කලේය.නීතිවිරෝධී ක්‍රියාකාරකම් මැඩලීමේ පනත යටතේ දෙවසරකට වරක් එම තහනම දීර්ඝ කෙරින.කෙසේ නමුත් එල්ටීටීඊය බිහි වූ ආරම්භක වකවානුවේදී යුධ පුහුණුව ,ආයුධ ආදීය සපයමින් එය වර්ධනය කලේ ඉන්දීය රජයයි.
මූලාශ්‍ර TheHindu news