Pages

Oct312012

විමල්ගේ උම්මා එජාපයට / Former JVP MP Anjan Umma joins UNP

අමාත්‍ය විමල් විරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධානියකුවූ, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රි අන්ජාන් උම්මා මහත්මිය අද (31) එක්සත් ජාතික පක්ෂයට එක්විය.

ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රීක්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඇය, එම පක්ෂය තුල ඇතිවූ අභ්‍යන්තර ගැටුමේදී විමල් විරවංශ මහතා සමග ජවිපෙන් ඉවත්වී ජාතික නිදහස් පෙරමුණ ගොඩනැගීමට දායකවිය.



සිරිකොත මන්දිරයේ අද පැවැති රැස්වීමකදී ඇය එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය නිළ වශයෙන් ලබාගත්තේය.

ඇයට එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායක ධුරයක් ද ලබාදී ඇතැයි ද වාර්තාවේ.