Pages

ඇමරිකාවට බලපා ඇති Hurricane Sandy

‘Sandy’ නම් අති දැවැන්ත සුළිකුණාටුව මිලියන ගණනාවකට අධික ජනතාවකට හානි පමුණවමින් අමෙරිකානු නැගෙනහිර වෙරළට ලඟා වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සැන්ඩි සුළි කුණාටුව නිව් ජර්සි වෙරළින් ඇමෙරිකාවට ඇතුළුවීමත් සමග දැඩි සුළං සහ වර්ෂාපතනයක් හටගැණින. තවමත් වැසි සහ සුළං පවතින බව,  ඇමෙරිකා වාර්තා සඳහන් කරයි. මේ වන විට වැඩිම වර්ෂාපතනය ලැබී ඇත්තේ, මැන්හැට්න් ප‍්‍රදේශටයි. මැන්හැට්න් ජලයෙන් යටවීමත් සමග එහි සිටි පිරිස් ඉවත් කිරීම සඳහා සහන සේවා ආරම්භ කර තිබේ.
එහිදී ඇති විය හැකි තද සුළං, විදුලිය ඇන හිටීම්, ගංවතුර තත්වයන්, තද වැසි පිළිබඳව හා හිම පතන පිලිබඳව නිව්යොර්ක් හා ඒ අවට ජනාකීර්ණ ප‍්‍රදේශවලට ජනතාව දැනුවත් කර මෙම සැඩ සුළං තත්වයෙන් ආරක්ෂාවීමට ප‍්‍රදේශය අතහැර යන ලෙස ජනතාව දැනුවත් කර ඇත.
ජනපති ඔබාමා විසින් මෙම ආපදා තත්වය හදිසි තත්වයක් ලෙස ප‍්‍රකාශයට පත්කර ඇති අතර එරට කාලගුණ විද්‍යාඥයන් ප‍්‍රකාශ කරනුයේ මෙම කුණාටු තත්වය චන්ඩ මාරුතයක් බවට පත්විය හැකි බවත් හිම පතනයත් සමඟ අඟල් 12ක් පමණ තද වර්ෂාවක් ඇති විය හැකි බවය.

මෙම අනතුරට භාජනය විය හැකි පිරිස මිලියන 50ක් 60ක් අතර ප‍්‍රමාණයක් වන බවටද අනාවැකි පළ කර ඇත. සුළෙඟ් වේගය පැයට සැතපුම් 75ක වේගයෙන් හමා ගියද පසුව පැයට සැතපුම් 105 ඉක්මවූ වේගයකට පත්වනු ඇති බවත් එම වාර්තා පෙන්වා දෙයි.
එසේම මෙම තත්වය පෙන්සිල්වේනියා ප‍්‍රදේශයට පැතිර යා හැකි බවට තව දුරටත් ඔවුන් අනාවැකි පළ කර ඇත.
නිවියෝර්ක්, නිව් ජර්සි හා ඩෙලවෙයාර් යන ජනපද පෙදෙස් මීට අයත් අතර තවත් ජනපද 10ක හදිසි තත්ත්වයන් ප්‍රකාශයට පත්කර ඇත. චණ්ඩ මාරුතය හමා යන ප්‍රදේශයේ මීටර් 1.8- 3.3 දක්වා උසට දළරළ නැගෙනු ඇතැයිද මෙය ජීවිත තර්ජනයට හේතුවිය හැකියැයිද අනතුරු ඇඟවී ඇත.