Marvin Silva and Family in Rome මම රෝමයේ තානාපති එලවා දමනවා -මර්වින් සිල්වා රෝමයේ සිට

ලංකාවේ ශිෂ්ඨාචාර මිනිසාගේ අති පිළිකුලට බඳුන්වී සිටින දුරාචාර්ය ඇමැති මර්වින් සිල්වා සහ හැතිකරය රටේ මහජන මුදලින් මේ දිනවල සිදුකරන ඉතාලි සංචාරයෙන් බිඳක් යලිත් ගෙන එන්නෙමු. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ එකාට එය නැතිවම බැරිය.
කසිප්පු කාරයා හොර පොල සොයා ඉවෙන් මෙන් යන්නේ යම් සේද, ගංජා කාරයා ගංජා සඟවා ඇති පොල් කෝම්බය නිවැරදිව සොයා ගන්නේ කෙසේද,
මර්වින්ගේ පුතා මාලක ද මත්ද්‍රව්‍ය සොයා ඉතාලියේ මිලානෝ නගරයේ ගුබ්බෑයම් වල සැරි සරා සොයාගත් අයුරු අප වෙත වාර්තාවේ.
ඉතාලියට පැමිණි පසු මත්ද්‍රව්‍ය නොමැති ජීවිතයක් නොදන්නා මාලක සිල්වා, බලපිටියේ නඳුන් නමැති මිලානෝ මිනීමරුවා සමග පසුගිය 18 දා රාත්‍රියේ, මිලානෝහි වියාලේ බ්ලිග්නිහි අංක 42 දරණ තට්ටු නිවාසයේ වෙසෙන තවත් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු හමුවී මත්ද්‍රව්‍ය ලබාගෙන තිබේ.
 ජාවාරම් කරුවා නමින් ආමි අජිත් ය. ශ්‍රී ලංකාවේ හිටපු රණ හොරෙකි. මාලක සිල්වා එදින රාත්‍රිය ගත කර ඇත්තේ එම ගුබ්බෑයමේ ය. මර්වින් සිල්වාගේ ඉතාලි සංචාරය ගැන රෝමයේ වෙසෙන ශිෂ්ඨාචාරගත ශ්‍රී ලාංකිකයෙකු දැඩි හිත්වේදනාවෙන් මෙසේ කීය. "මර්වින් සිල්වා අපි දකින්නේ ලිබියාවේ ගඩාෆිලා වගේ මෝඩයෙක්.
ඇමරිකාවට පුළුවන් වුනා ඒ ගඩාෆිලාගෙ ඒකාධිපති මැරයන්ව කුදලලා නැති කර දමන්න.එහෙත් අපේ මේ 2/3 ටත් වඩා බලයක් තියෙන ආණ්ඩුවට බැරි වුනා පුංචි විනය පරික්ෂණයක්වත් මේ බූරුවාට විරුද්ධව තියන්න." "මර්වින් සිල්වා ඇතුළු සිය පවුලම ඉතාලියේ සැපපහසු විනෝද චාරිකාවක් සඳහා පැමිණුනා. එයාගෙ බිරිඳ , දුව, දුවගේ සැමියා, දුවගේ ළමයි, පුතා, පුතාගේ කෙල්ල, සහ ආවතේව කරන්න තවත් අය සමග මේ චාරිකාව කළා. නැවතිලා හිටියේ රෝමයේ අති සැපපහසු හෝටලයක් වන පෝලෝ හෝටලයේ. මර්වින් ඇතුළු සිය පවුලට ආරක්ෂාව සැපයුවේ, රෝමයේ ඩී.ජී. එස් කුමාරසිංහ නැමති ශ්‍රී.නි.ප. යේ සභාපති ඇතුළු, නාවල නිහාල්ගේ ප්‍රධාන ගෝලයෙක් වන ෆියට් (රංජිත්) සහ ඕල්කට්ගේ මස්සිනා කියන පාතාලයේ මැරයො. මෙම මැරයන්ට අති සැප පහසු ඒ හෝටලයේම කාමර වෙන් කරවා, අරක්කු වලින් නාවලා සෑම රාත්‍රියකදීම කකා බිබී තමයි අපේ මහජන මුදල් වලින් මේ මැර මර්වින් ජොලි කළේ." "ඉතාලියේ තනාපතිතුමාගෙන් මර්වින්ට නිසි පිළිගැනීමක් නොවුන නිසා කුමාරසිංහ නැමැත්තා උරණ වී මර්වින්ට මෙහෙම කිව්වා.
 "ඔබතුමා තමයි අපේ රටේ අනාගත නායකයා" කියලා. එයින් මුරුංගා අත්තට නැග්ග මර්වින් "මම දෙසැම්බර් මාසයේ රෝමයට නැවත ඇවිත් තානාපති එළවා දමලා තානාපති කාර්යාලයේ යතුර අතට ගන්නවා" කියා කීවා. මෙහෙම කරන්න පුළුවන්ද? පුළුවන් වෙන්නත් ඇති." "අපේ අහිංසක රටවැසියන්ගේ මුදල් වලින් මර්වින්ගේ මුළු පවුලම මේ රටේ ඉහලම මිළ අධික සාප්පුවලට ගිහින් බඩු මිළදී ගත්තා. රෝමයේ ඉන්න 98% ශ්‍රී ලාංකික ජනතාව මේවා ඉතාමත් පිළිකුලෙන් හෙළා දැක්ක බව මම දන්නවා" "මං මේ විස්තර ටික කිව්වේ ලංකාවේ අපේ සහෝදර ජනතාවට දැන ගන්නයි"

Gossip Lanka Hot News Previous News Archive