ඉන්දියාව කැළඹූ Play Boy නිළිය

තමා උපන් රට වන ඉන්දියාව තුළ පවා විකිණීම තහනම් කොට ඇති ලෝක ප්‍රකට කාමුක සඟරාවක්‌ වූ "ප්ලේ බෝයි" හි දර්ශන සඳහා නිරුවතින් පෙනී සිටි ප්‍රථම ඉන්දියානු නවක නිළියට එරෙහිව සමස්‌ත ඉන්දියාව පුරා දැඩි විවේචන රැල්ලක්‌ ගොඩනැගී ඇත.

ෂර්ලින් චොප්රා නම් වූ 28 හැවිරිදි මෙම බොලිවුඩ් නවක නිළිය පෙනී සිටින නිරුවත් දර්ශන ඉදිරි නොවැම්වර් මස "ප්ලේ බෝයි" සඟරාවේ පළ කිරීමට නියමිතය.



ඉන්දියාවේ එක්‌තරා කාන්තා අයිතීන් සුරැකීමේ සංවිධානයක්‌ චෝදනා කරන්නේ කාන්තා අපචාර සහ ලිංගික අතවරයන්ට විරුද්ධව ඔවුන් ගෙනයන සටන චොප්රා විසින් අවතක්‌සේරුවට ලක්‌ කරන බවය.

මේ අතර චොප්රා පවසන්නේ මෙම සඟරාව සඳහා තමා නිරුවතින් පෙනී සිටින බව තම මවටවත් මේ වනතුරුම කියා නැති බවය.

සම්මුඛ සාකච්ඡාවකදී බී.බී.සී. හින්දි ගුවන් විදුලි සේවය වෙත ඇය පැවසූයේ කැමරාව ඉදිරියේ නිරුවතින් පෙනී සිටීමද ඉතා හොඳ යහපත් අයකු ලෙස පෙනී සිටීමද, එකවර කළ නොහැකි ඉතාම දුෂ්කර කාර්යයක්‌ බවයි.

ඇය තවදුරටත් පැවසූයේ තමා පෙනී සිටිය යුතු ආකාරය පිළිබඳව සැලැස්‌මක්‌ තමාට එවන ලෙස ප්ලේ බෝයි සංස්‌කාරකට දැන්වූ බව සහ ඒ සඳහා කඩිනම් ප්‍රතිචාර දින කීපයක්‌ තුළදීම ලැබුණු බවය.


"ප්ලේ බෝයි" සඟරාව සඳහා නිරුවතින් රඟපාන ප්‍රථම ඉන්දියානු නිළිය වීමේ අවස්‌ථාව මට ලැබුණා. එම අවස්‌ථාව වෙන කිසිවෙකුටත් ලබාගත නොහැකි යෑයි ඇයි පැවසුවාය.

මට ලැබුණ මෙම අවස්‌ථාව පිළිබඳව මගේ සහෝදරිය ආඩම්බර වෙනවා. මම තවමත් මේ ගැන අම්මාට කියා නැහැ. හිතාගෙන ඉන්නවා අම්මා හමුවීමට ගොස්‌ මේ ගැන කියන්න. කොහොම වුණත් මගේ මෙම ක්‍රියාව ඇයට අනුමත කරන්න වෙනවා.

පුවත්පත් සිනමා තීරු ලිපි රචකයන් විසින් ඇයව 'සී' ගණයේ නිළියකට සමකර ඇති අතර තවත් සමහරු ඇයට විරුද්ධව දරුණු චෝදනා එල්ල කොට ඇත. එයට හේතුවී ඇත්තේ මුළු ඉන්දියාවම ලිංගික අපචාර වසංගතයට විරුද්ධ නැගී සිටියදී චොප්රා ලිංගික හැඟීම් වඩවන දර්ශනවල පෙනී සිටීමය.

ගුජරාට්‌ සිට ගුහාවතී දක්‌වා ගමනේදී අහිංසක කාන්තාවන් විවිධ ලිංගික අපචාරවලට ගොදුරුවන බවත්, චොප්රාගේ දර්ශනවලින් කාන්තාවගේ අවංකභාවයට තැනක්‌ ලැබේ යෑයි සිතීම පුදුමයට කරුණක්‌ බවත් ගයත්‍රි සන්කර් නමැත්තා පවසයි.

"එක පැත්තකින් සාමාන්‍ය කාන්තාව විලිබිය රැක ගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක්‌ දරද්දී ෂර්ලින් චොප්රා නම් වූ නවක නිළිය අන් අය විසින් ලිංගිකව හැසිරෙන අයුරු හොරෙන් බලා ආශ්වාදයක්‌ ලැබීමේ කැත පුරුද්දට අනුබල දීම බලවත් වරදක්‌ බව ෂංකර් වැඩිදුරටත් පවසයි.

27.07.2012 දි අයිලන්ඩ් World View හි පළ වූ Bollywood Star becomes first Indian to pose nude for Play Boy" ලිපියේ පරිවර්තනයයි.

Gossip Lanka Hot News Previous News Archive