Pages

න්‍යෂ්ටික බලාගාර දෙකක් වසා දමයි, නැවක් ගිලේ Sandy චණ්ඩ මාරුතය ඇමරිකාවට කල දෙයක්


සැන්ඩි සුළු කුණාටුවේ බලපෑම හේතුවෙන් ඇමෙරිකාවේ න්‍යෂ්ඨික බලාගාර දෙකක් වසා දමා ඇතැයි විදෙස් වාර්තා කියයි. සැන්ඩි චණ්ඩ මාරුතය හේතුවෙන් එල්ල විය හැකි බලපෑම් අවම කිරීම මෙහි අපේක්ෂාවයි.

කෙසේ වෙතත් ජනතාවට ගැටලු මතු නොවන ආකාරයෙන් කටයුතු කිරීමේ හැකියාව පවතින බව ඇමෙරිකා බලධාරීහූ පැවසුවද මේ වන විටත් ඇමෙරිකාවේ ප‍්‍රදේශ කිහිපයකම ආපදා තත්ත්වයන් ප‍්‍රකාශයට පත්කර තිබේ.

මේ අතර මියුටනි ඔන් ද බවුන්ටි නැමැති හොලිවුඞ් සිනමා පටය සඳහා 1962 වසරේ නිම වූ සුප‍්‍රකට නෞකාව සැන්ඩි සුළි කුණාටුව හේතුවෙන් මුහුදුබත් වී තිබේ.

සුළි සුළගේ කේන්ද්‍රයට සැතපුම් 160ක් පමණ ඈතින් උතුරු කැරොලයිනා වෙරළේ නතර කර තිබූ නෞකාවේ කාර්ය මණ්ඩලයේ 16 දෙනෙකු දිවි ගලවාගෙන ගොස් ඇති අතර දෙදෙනෙකු අතුරුදන් වී ඇති බව සඳහන්ය.
කුණාටුවෙන් මරණ 26ක් වාර්තා වන අතර මිලියන 7.5කට විදුලි බපට නැතිව ගොස් ඇත