රෝහලෙන් පැන ගොස් ජුබිලි පාරේ ගහක එල්ලිලා. Suicide Hanging
මොරටුව, කටුබැද්ද, ජුබිලි පාර අසල ගසක එල්ලී මිය ගිය පුද්ගල මල සිරුරක් අද (28) දින උදෑසන මොරටුව පොලිසිය විසින් සොයාගෙන ඇත. මියගොස් ඇත්තේ පානදුර, අළුබෝමුල්ල, මැද මාවත පදිංචිව සිටි 35 හැවිරිදි අයෙකු බව පොලිසිය කියයි. මානසික රෝගයකින් පෙලෙන මෙම පුද්ගලයා ඉකුත් 27 වැනිදා සවස ඔහුගේ සොහොයුරෙකු හා ඥාතියකු විසින් කොළඹ ජාතික රෝහලේ අංක 72 වාට්ටුවට ඇතුලත් කර ඇති බව පවසන පොලිසිය එදින රාත්රියේ වාට්ටුවෙන් පැන විත් මෙලෙස එල්ලී මිය යන්නට ඇතැයි පොලිසිය සැක කරයි. මෘත ශරීරය පශ්චාත් මරණ පරික්ෂණය සඳහා දකුණු කොළඹට යැවීමට කටයුතු යොදා තිබූණි මේ පිළිබඳ වැඩි දුර පරික්ෂණ කටයුතු මොරටුව මූලස්ථාන පොලිස් පරික්ෂක එම්. ආර්. නූර්දීන් මහතා ඇතුළු පොලිස් නිලධාරින් කණ්ඩායමක් විසින් සිදු කරණු ලබයි.
රෝහලෙන් පැන ගොස් ජුබිලි පාරේ ගහක එල්ලිලා. Suicide Hanging
2012-10-28T23:24:00+05:30
aruna e