T-20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ රු. 770 ක් වටිනා ටිකට් පතක් රු. 6000 කට අලෙවි කර ඇත. ඒ කලුකඩ ටිකට් ජාවාරම පිළිබදව හෙළි කර ගැනීම සදහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් යෙදවූ උපාය දූතයකුටය.
මෙම ටිකට් පත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නොමිලයේ ලබා දුන් ‘D-Upper’ කාණ්ඩයේ ටිකට් පතක් වන අතර එය අලෙවි කර ඇත්තේ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ කායවර්ධන මධ්‍යස්ථානයේ සේවය කරන අයෙකු බවද හෙළි වී ඇත.
ටිකට් පත අලෙවි කළ පුද්ගලයා අවශ්‍යනම් මිලදී ගැනීමට තමා සතුව තවත් ටිකට් පත් තිබෙන බවත් ටිකට් පත මිලදී ගත් පුද්ගලයාට පවසා ඇත.
එම කලුකඩ ටිකට් ජාවාරම හිරු ප්රවෘත්ති අංශය අනාවරණය කළ අයුරුයි මේ…