අගවිනිසුරුවරිය දෙසැ. 04 යළි කමිටුව ඉදිරියට


අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට ලබන දෙසැම්බර් 04 වැනිදා යළි පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව හමුවේ පෙනී සිටින්නැයි දන්වා තිබේ.

එතෙක් අදාළ කමිටුවේ වැඩ කල්දමා ඇත.

කෙසේවුවද ඇයට ලබන 30 වැනිදාට පෙරවිත්තියේ වාචිකය ලිඛිතව ලබාදෙන ලෙසද කමිටුව විසින් දන්වා තිබේ.

ඇය අද (23) පෙරවරු 11.21ට තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිටියාය.
නීතිඥවරුන් නොමැතිව කමිටුව හමුවට එන්නැයි ඇයට මුලින්ම දන්වා ඇති අතර ඇය එය ප්‍රතික්ෂේප කර තිබේ.පසුව නීතිඥවරුන් සමග ඇය කමිටුව ඉදිරියේ පෙනී සිටියාය.

අද දිනයේදී මෙම කාරණාව සම්බන්ධයෙන් මාධ්‍යයේ වැඩි අවධානයක් යොමුවී තිබූ අතර අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අසලද පාර්ලිමේන්තු වට රවුමේද දෙස් විදෙස් මාධ්‍යවේදීන් විශාල පිරිසක් රැස්ව සිටියහ.

මේ අතර, මාධ්‍යවේදීන්ගේ ඉල්ලීම පරිදි අගවිනිසුරුවරිය සිය රථයේ වීදුරු පහත්කරගෙන ගමන් කිරීමද විශේෂ සිද්ධියකි.

Gossip Lanka Hot News Previous News Archive