වැලිකඩ ගැටුමෙන් මියගිය සංඛ්‍යාව ඉහලට, War in Welikada

වැලිකඩ යුදපිටියක් වෙයි
* අවි ගබඩාව කඩා රැඳවියෝ හිර ගෙදර දෙවනත් කරති
* නි. පොලිස්පති රණවනට සැත්කමක්
* වාට්ටුවලින් කුඩු හා සෙල්ෆෝන්
* 40කට තුවාල
* 27ක් මරුට
* ගිනි අවි 76ක් සොයාගනියි
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් සහ පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරින් පිරිසක්‌ අතර ඇති වූ ගැටුමෙන් පුද්ගලයින් 27 දෙනකු මියගොස්‌ විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්‌පති ආර්. රණවන මහතා හා නිලධාරින් නවදෙනකු ද බන්ධනාගාර නිලධාරියකු ඇතුළු හතළිහකට අධික පිරිසක්‌ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝඑල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසීය.
 මෙහිදී බරපතළ තුවාල ලැබූ නියෝජ්‍ය පොලිස්‌පති ආර්. රණවන මහතා  සවස හදිසි ශල්‍යකර්මයකටද භාජනය කෙරිණ.

බන්ධනාගාර ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතාගේ ඉල්ලීමකට අනුව ඊයේ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පන්සියයක පමණ පිරිසක්‌ වැලිකඩ බන්ධනාගාරයේ සෝදිසි මෙහෙයුමකට සහභාගි වී සිටියදී මෙම ගැටුම හටගෙන තිබිණි.  දහවල් 1.30 ට පමණ බන්ධානාගරය තුළට ගිය සන්නද්ධ විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිස මුලින්ම වැලිකඩ රිමාන්ඩ් සැකකරුවන් රඳවා සිටින එල්. වාට්‌ටුව වෙත ගොස්‌ එහි සිටි අටසියයක්‌ පමණ වූ රැඳවියන්ට තාවකාලික අත් මාංචු යොදා එම සිරමැදිරි පරීක්‍ෂාව ලක්‌ කර ඇත.

පසුව වැලිකඩ බන්ධනාගාරයේ දීර්ඝකාලීන සිරකරුවන් රඳවා සිටින වැපල් වාට්‌ටුව වෙත පැමිණි එම නිලධාරින් එහි සිටි සිරකරුවන්ටද අත්මාංචු යොදා එම සිරමැදිරිද පරීක්‍ෂා කිරීමට පටන්ගෙන තිබේ.

මේ අවස්‌ථාවේදී දීර්ඝකාලීන සිරකරුවන් රඳවා සිටින සිර මැදිරි තුළින් අත්මාංචු දැමීම පිළිබඳ විරෝධයක්‌ මතුවී තිබේ.
එහෙත් එය තැකීමක්‌ නොකළ පොලිස්‌ නිලධාරින් දිගටම පරීක්‍ෂාව සිදුකරගෙන යැමේදී මතුවූ විරෝධතාව එන්න එන්නම උග්‍ර වී ඇත.

මෙම විරෝධතාව අතරේ කලහකාරී ලෙස හැසිරුණු එක්‌ සිරකරුවෙකු විශේෂ කාර්ය බළකායේ නිලධාරියකුගේ පහර දීමට ලක්‌ව තිබේ.

ඒ සමගම ප්‍රකෝපකාරී වූ චැපල් වාට්‌ටු සිටි සිරකරුවන් විශේෂ කාර්ය බළකා නිලධාරින්ට හූ තැබීමට පටන්ගෙන ඇත. එහිදී විශේෂ කාර්ය බළකා නිලධාරින් චැපල් වාට්‌ටුවේ සිරමැදිරි තුළ සිටි රැඳවියන් කඳුළු ගෑස්‌ ප්‍රහාරයක්‌ එල්ල කර ඇත.

එම ප්‍රහාරයත් සමග තත්ත්වය තවත් දරුණු වී ඇති අතර ඒ සමගම බිං ගෝ අංශයේ දෛනික වැඩවල යෙදී සිටි බරපතල සිර දඬුවම් සහිත රැඳවියන් 3000 ක පමණ පිරිසක්‌ද කලබලය ඇසී බිංගෝ තාප්පයෙන් පැන චැප්ල වාට්‌ටුව දෙසට දිවවිත් තිබේ.

එහිදී එම සිරකරුවන් පැමිණෙනු දුටු විශේෂ කාර්ය බළකා නිලධාරින් ඔවුන්ටද කඳුළු ගෑස්‌ ප්‍රහාරයක්‌ එල්ල කර ඇත. මෙම ප්‍රහාරයෙන් බන්ධානාගාර බැරැක්‌කයේ සිටි නිලධාරින් සහ අවට නිල නිවාසවල සිටි නිලධාරින් හා ඔවුන්ගේ පවුල්වල අයද දැඩි අපහසුවකට පත්ව තිබේ.

මෙම කඳුළු ගෑස්‌ ප්‍රහාරයත් සමගම වැඩ අංශයේ සිට පැමිණි රැඳවියන් ගල් මුල් ගෙන විශේෂ කාර්ය බළකායේ පොලිස්‌ නිලධාරින්ට පහර දීමට පටන් ගෙන ඇත. 

එම ප්‍රහාරයෙන් මිදීමට එස්‌ටීඑෆ් සෙබළුන් බන්ධාගාරයෙන් පිටතිට දිවයද්දී රැඳවියන් එක්‌ව බන්ධනාගාරයේ ආයුධ ගබඩා දෙක කඩා එහි තිබූ එදිනෙදා රාජකාරි සඳහා භාවිත කරන ටී. 56 ගිනි අවි සියයකට අධික ප්‍රමාණයක්‌ පැහැර ගෙන තිබේ.

මේ අතරේ පිටතට දිව ගිය එස්‌ටීඑෆ් නිලධාරින් බන්ධනාගාර රැඳවියන් දෙසට වෙඩි තැබීමට පටන් ගෙන ඇති අතර රැඳවියන්ද පැහැර ගනු ලැබූ ගිනිඅවිවලින් එස්‌ටීෆ් නිලධාරින් දෙසට වෙඩි තබන්නට පටන් ගෙන ඇත.

මෙම රැඳවියන් අතර මරණ දඬුවම නියමව සිටි 300 ආසන්න පිරිසක්‌ද සිටි බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම වෙඩි ප්‍රහාරවලට ලක්‌ වීමෙන් සහ එස්‌ටීඑෆ් නිලධාරීන් එල්ල කළ කඳුළු ගෑස්‌ ප්‍රහාරවලට ගොදුරු වීමෙන් රැඳවියන් 27 දෙනකු මිය ගොස්‌ 40 ට ආසන්න පිරිසක්‌ තුවාල ලබා ඇත.

රැඳවියන් එල්ල කළ ප්‍රහාරවලින් එස්‌ටීඑෆ් බළකායේ අණදෙන නිලධාරි ආර්. රණවන මහතා ඇතුළු නිලධාරින් 10 දෙනක්‌ තුවාල ලැබූහ.



කලුවරේ වෙඩි තබාගන්නා වීඩියෝ පහතින්









Gossip Lanka Hot News Previous News Archive