නවසීලන්තය පරදා ශ්‍රී ලංකාවට කඩුලු 10ක ජයක්



Sri Lanka to a 10-wicket victory in the 1st Test against New Zealand at the Galle International Stadium on Monday. 
රංගන හේරත් කඩුලු 11ක් බිඳ දමමින් තරගය පුරාවට ප්‍රදර්ශනය කළ විශිෂ්ට පන්දු යැවීම හමුවේ නවසීලන්තය කඩුලු 10කින් පරාජයට පත් කර ඔවුන්ට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (19) හැකිවිය.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම ලකුණු 221ක් ලබාගත් අතර ඊට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 247ක් ලබා ගන්නා ලදී.


ඒ අනුව ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී නවසීලන්තයට වඩා ලකුණු 26ක් ඉදිරියෙන් සිටියේය.

ඊයේ (18) දිනය නිමාවන විට නවසීලන්ත කණ්ඩායම දෙවන ඉනිම සඳහා එක් කඩුල්ලක් දැවි ලකුණු 35ක් ලබාගෙන සිටි අතර අද ඉතිරි කඩුලු 9 ලකුණු 83ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

පළමු ඉනිමේදී නවසීලන්ත කණ්ඩායමේ කඩුලු 5ක් බිඳ දැමු රංගන හේරත් දෙවන ඉනිමේදීත් ලකුණු 43ට කඩුලු 6ක් දවා ගැනීමට සමත්විය.

ඒ අනුව නවසීලන්ත දෙවන ඉනිම ලකුණු 118ට සීමාවිය.

මංගල ටෙස්ට් වරම් හිමිකර ගත් දිමුත් කරුණාරත්න පන්දු 60කදී 4 පහර 9ක් සමගින් නොදැවී ලකුණු 60ක් හා තරංග පරණවිතාන නොදැවී ලකුණු 31ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගෙන යන ලදී.

තරගයේ වීරයා සම්මානය රංගන හේරත්ට හිමිවිය.

දෙරට දෙවැනි ටෙස්ට් තරගය ලබන 25 වැනිදා කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.


Gossip Lanka Hot News Previous News Archive