දින 11කට ඉන්දීය රුපියල් කෝටි 100 ඉක්මවා ආදායම් ඉපැයයි - Jab Tak Hai Jaan 11 Days To Reach The 100 Crore

ශාරුක් ඛාන් රගන ‘ජබ් තක් හෙයි ජාන්’ දින 11 ක් තුළදී ඉන්දීය රුපියල් කෝටි 100 ඉක්මවා ආදායම් ඉපැයීමට සමත්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
එය දින 11ක් තුළදී උපයා ඇති ආදායම ඉන්දීය රුපියල් කෝටි 100.75කි.
කෙසේවුවද ඉන්දීය රුපියල් කෝටි 100 ක ආදායමක් ඉතා අඩු කාලයකින් ලබා ගැනීමට සමත් වූ චිත‍්‍රපටය බවට පත්ව තිබෙන්නේ සල්මන් ඛාන් රගපෑ ‘ඒක් තා ටිගර්’ ය.
එය දින 06කදී ඉන්දීය රුපියල් කෝටි 100 ක ආදායමක් ඉපැයීමට සමත් විය.
ශාරුක් චරිත මැවූ චිත‍්‍රපට අතරින් ඉන්දීය රුපියල් කෝටි 100 ක ආදායම වේගයෙන්ම ළගාකර ගනු ලැබූ චිත‍්‍රපටය වන්නේ රාවන්ය.
එය එම සීමාවට ළගාවීමට දින 10ක් ගතකර තිබිනි.

මෙම ශ්‍රේණිගත කිරීම අනුව ‘ජබ් තක් හෙයි ජාන්’ චිත‍්‍රපටයට හිමිව ඇත්තේ 08 වැනි තැනයි.
කෙසේවුවද ඉන්දියාවෙන් පිට රටවල ප‍්‍රදර්ශනයෙන්  ‘ජබ් තක් හෙයි ජාන්’ මේවන විට උපයා ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 52ක් බව පැවසේ.
දෙසතියකට පෙර ඉන්දීය රුපියල් කෝටි 100 ඉක්මවූ ශාරුක්ගේ තෙවැනි චිත‍්‍රපටය මෙය වේ.
මීට පෙර රාවන් දින 10කදී ඉන්දීය රුපියල් කෝටි 115ක්ද ඩොන් - 2 දින 13කදී ඉන්දීය රුපියල් කෝටි 106ක්ද උපයා තිබේ.
මෙය යෂ් වොප්රා අධ්‍යක්ෂණය කළ අවසන් චිත‍්‍රපටය ලෙසද සැලැකේ.
‘ජබ් තක් හෙයි ජාන්’ ආදිත්‍ය චොප්රාගේ නිෂ්පාදනයකි.
ඒ. ආර්. රහුමාන්ගේ සංගීතයෙන් හැඩ වූ මෙයට ශාරුක් සමග කති‍්‍රනා කයිෆ් හා අනුෂ්කා ශර්මා රංගනයෙන් දායකවී සිටිති.
පසුගිය නොවැම්බර් 12 වැනිදා මෙය ඉන්දියාවේ ප‍්‍රදර්ශනය ආරම්භ කළ අතර නොවැම්බර් 13 වැනිදා ඇමරිකාව හා යුරෝපයේ ප‍්‍රදර්ශනය ආරම්භ කළේය.
‘ජබ් තක් හෙයි ජාන්’ නිෂ්පාදනය සඳහා ඉන්දීය රුපියල් කෝටි 50 ක් හෙවත් ඇමරිකානු ඩොලර් මිලියන 9.1ක් වියදම් කර තිබේ.
Take a look at the 100 Crore club right here:
PositionMovieNo.
Of Days to Reach 100 Crores
Total
Collections
1Ek Tha Tiger6 198
2Bodyguard8142
33 Idiots9202
4Ra.One10115
5Dabangg10145
6Agneepath11123
7Rowdy Rathore11131
8Jab Tak Hai Jaan
11100.75*
9Ready12 113 
10Don 213106
11Ghajini
16 114
12Barfi!17120
13Golmaal 317107
14Housefull 217114 
15Singham37100
16Bol Bachchan45102



Gossip Lanka Hot News Previous News Archive