13 අහෝසි කරන්නේ නම් බුදු දහමත් අහෝසි කල යුතුයි

දහතුන්වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අහෝසි කරන ලෙස කෑමොරදෙන අය දහතුන අහෝසි කිරීමෙන් පසු ලබාදෙන විකල්පය කුමක්ද කියා රටට හෙළි කළ යුතු බැව් දකුණු පළාත් සභාවේ එ.ජ.නි.සන්ධානයේ මන්තී‍්‍ර ආචාර්ය බද්දේගම සමිත හිමියෝ පවසති.

‘එසේ වුවහොත් අපේ රට ජාත්‍යන්තරය ඉදිරියේ මිලේච්ඡ හා ආබාධිත ජාතියක් බවට පත්වෙනවා. කවුරු මොනවා කීවත් ජාත්‍යන්තර ප‍්‍රජාව නැතිව අපට ජීවත් වෙන්න බැහැ. 13වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කෙළේ උතුරු නැගෙනහිර ප‍්‍රශ්නයට යම්තාක් දුරට හෝ විසඳුමක් ලබාදීමටයි.



ඉන්දියාව ශී‍්‍ර ලංකාව සමග අතීතයේ සිටම සමීපව කටයුතු කරන රටක්. ඉන්දියාවටද දැඩි වුවමනාව තිබුණා. උතුරු නැගෙනහිර ගැටලූවට විසඳුමක් ලබාදීමට, රාජ්‍යතාන්ති‍්‍රක විසඳුමක් ඉදිරිපත් කිරීමට ඉන්දියාවට අවශ්‍ය වුණා. ඉන්දියාව මෙය අපට බලෙන් ලබාදීපු එකක් බව කියනවා. එදා අපේ රටට බලෙන් පරිප්පු දමපු කතාව කියනවා.

එදා යක්‍ෂ, නාග, ගෝත‍්‍ර ජීවත් වූ අපේ රටට බුදුදහම ලබාදුන්නේ අපේ රටෙන් අහලා නෙවෙයි. බුදු දහම එව්වේ අපෙන් අහලා නෙවෙයි. එහෙනම් බුදුදහමත් අහෝසි කළ යුතු වෙනවා. 13 වැනි ආණ්ඩුක‍්‍රම සංශෝධනයෙන් විශාල ප‍්‍රතිඵලයක් ගෙනැවිත් දුන්නා. එදා ආයුධ සන්නද්ධව සිටි කණ්ඩායම් නිරායුධ වුණා.’ යයිද උන් වහන්සේ පවසති.

Gossip Lanka Hot News Previous News Archive