වසර 14කට පසු බ්‍රිතාන්‍යයට දරුණුම ගංවතුර

එංගලන්තයේ ජලගැල්මට ගොදුරු වු ප්‍රදේශයක ජනතාව
තනි ඔරුවලින් ගමන් ගන්නා අයුරු.
රිතාන්‍යයට මේ දිනවල කඩාහැළෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් එංගලන්තයේ හා වේල්සයේ නිවාස 800කට වඩා ජලගැල්මට ගොදුරුව ඇති අතර ඊයේ දිනයේ ද වර්ෂා තත්ත්වයේ වෙනසක් සිදුනොවනු ඇතැයි පාරිසරික නිලධාරින් අනතුරු අඟවා තිබිණ..

ඉකුත් බදාදා සිට පවත්නා අධික වර්ෂාපතනය නිසා පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇත. ඒ අනුව නිරිත දිග එක්ස්ටර් නගරයේ කාන්තාවක කඩා වැටුණ ගසක ට යටවීමෙන්ද සෝමසෙට් හි පුද්ගලයකු ජලගැල්මට ගොදුරු වාහනයක් තුළ හිරවිමෙන්ද මිය ගොස් තිබේ.



නිරිත දිග කෝන්වෝල් ග්‍රාමිය පෙදෙසේ ජල ගැලුම් තත්ත්වය තැති ගන්වනසුළු බව පවසන අගමැති ඩේවිඩ් කැමරොන් ඉන් විපතට පත්වූවන්ට ඇප උපකාර කිරීමට හැකි හැම දෙයක්ම සිදුකරන බව කියා ඇත.

මිල්බෲක් ගම්මානය මඬ සහිත ජලය ගලා ඒමෙන් මීටර් 1.5 ක් උසට ජලයෙන් යටව ඇතැයි පැවසේ .

එහි නිවාස 40 කින් නේවාසිකයන් ඉවත්කර ඇත. ජලයෙන් යටව ඇති මාර්ග පොලිසිය විසින් වසා දැමීමෙන් බොහෝ ගම්මාන හුදකලා වී ඇතැයි පැවසේ.

ගම්මාන වල බොහෝදෙනකු පවසන්නේ වසර 14 කින් මෙපිට මෙවන් ජලගැල්මක් සිදුව නැති බවය. මාර්ගදෙපස ඇති නිවාස අඩි 3-4 ක් උසට ජලයෙන් යටව ඇති බව සඳහන්ය. මීට කලින් 2000 දීහා 2007 දී ද ජලගැලිම්සිදුව ඇතත් ඒ දෙකටම වඩා මෙවර ජලගැල්ම බෙහෙවින් දරුණු බව ප්‍රකාශිතය.

Gossip Lanka Hot News Previous News Archive