සිවුහැවිරිදි දැරියකට ලිංගික අතවර කළ බවට වරදකරුවූ හේවාපත්තුවේ ආරච්චිගේ පේ‍්‍රමදාස නොහොත් ‘සුදු සීයා’ නැමැති අයෙක් බරපතල වැඩ සහිතව වසර 15ක සිර දඬුවමකට කළුතර මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා නියෝග කළා.එසේම විනිදිත දැරියට රුපියල් ලක්ෂ හයක වන්දියක් ගෙවන ලෙසද ඔහුට නියම කළා.
වසර 2005 මාර්තු 18 වැනිදා මෝල්කාවේදී වයස අවුරුදු 16 කට වඩා අඩු දැරියකගෙන් ලිංගික තෘප්තියක් ලබා ගැනීමට කටයුතු කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා මොහුට එරෙහිව නඩු පවරා තිබුනාමේ දැරියගේ මාපියන් තේ දළු නෙලීමට ගිය අවස්ථාවේදී කුකුළු පැටව් පෙන්වීමට යැයි කැඳවාගෙන ගොස් සැකකරු ලිංගික තෘප්තියක් ලබා ඇතැයි මේ නඩුව අතර වාරයේදී සැකයෙන් තොරව ඔප්පුවීම නිසා මෙම දඬුවම පනවනු ලැබුනා.