සපුගස්කන්දේ ගෑස් කාන්දුවක් - 2ක් මරුට 7 රෝහලේ, Two dead, 7 hospitalized after gas leak at Sapugaskanda

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සිදුවු ගෑස් කාන්දුවීමක් හේතුවෙන් එහි සේවකයින් 2 දෙදෙනෙකු මියගොස් තවත් 7 දෙනෙකු රෝහල්ගත කර තිබේ.

එම ගෑස් වායුව විෂ වීම නිසා මෙලෙස සේවකයින් දෙදෙනෙකු මියගොස් තවත් 7 දෙනෙකු රෝහල්ගත කර ඇතැයි ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.



මෙම සිද්ධියෙන් බලවත් ලෙස රෝගාතුර වු සෙසු සේවකයින් තිදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි ද ඔහු සඳහන් කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ සපුගස්කන්ද පිරිපහදුවේ සේවය කළ විල්ප්‍රඩ් හා ධර්මසිරි පෙරේරා නැමැති දෙදෙනෙකි.

එක් අයෙකුගේ සිරුරු මේ වන විට කිරිබත්ගොඩ රෝහලේ ද අනෙක් පුද්ගලයාගේ සිරුර කොළඹ ජාතික රෝහලේ ද තැන්පත් කර ඇතැයි හෙතෙම සඳහන් කළේය.

මෙය කිසිදු කඩාකප්පල්කාරි ක්‍රියාවක් නොවන බවත් ගෑස් නලයක අලුත්වැඩියාවක් කරමින් සිටියදී මෙය සිදුව ඇතැයි ද පැවසුවේය.

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කලාප අංක 1 නැමැති ස්ථානයේ සේවය කළ පිරිසක් මෙම අනතුරට මුහුණ පා තිබේ.

එහිදි රෝගාතුර වු තවත් කිහිපදෙනෙකු අදාළ ස්ථානයේම ඇති වෛද්‍ය මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලබන බව ඔහු පැවසුවේය.

Gossip Lanka Hot News Previous News Archive