වසරක් පුරාවට ලොවපුරා පේ්රක්ෂකයින් පුල පුලා බලා සිටි ට්වයිලයිට් සිනමා මාලාවේ අවසාන කොටස වන බ්‍රේකින් ඩෝන් - 2 චිත්‍රපටිය නොවැම්බර් 16 දා සිට ලොවපුරා සිනමාහල් වල තිරගත වේ.
ශ්‍රී ලාංකීය රසිකයන්ට මෙම අවස්ථාව ලබන සතියේ, එනම් නොවැම්බර් 21 දා සිට උදා වන අතර, මෙම චිත්‍රපටිය කොළඹ ලිබර්ටි හා එක්සෙල් සිනමා ශාලා වල තිරගත වනු ඇත.
මෙම චිත්‍රපටිය පසුගිය 14 දා ලොස් ඇන්ජලිස් හි දී එළිදැක්විණි.
බෙලා ස්වෝන් නැමති යුවතියක් සමඟ පෙමින් වෙලෙන එඞ්වර්ඞ් කලන් නැමති වැම්පයර් අමනුෂ්‍යයෙකු වටා ගෙතුනු ස්ටෙෆනි මෙයර් ගේ ටවයිලයිට් කෘති ඇසුරෙන් නිම වූ ට්වයිලයිට් චිත්‍රපටි මාලාව ලොවපුරා දසදහස් ගණනක් ජනතාව අතර උන්මාදයක් බවට පත්විය.
රොබට් පැටින්සන් , ක්‍රිස්ටන් ස්ටුවට් , ටේලර් ලෝට්නර් ඇතුළු හොලිවුඞ් තරු රැසක් මෙම චිත්‍රපටයට රංගනයෙන් දයකවේ.