ශාරුක්, කත්‍රිනා, අනුෂ්කාගේ එකතුව එළියට ඇවිත් දවස් 20 න් කෝටි 120 ක් උපයයි


යාෂ් චොප්රාගේ අවසන් අධ්‍යක්ෂණ වන “ජබ්තක් හායි ජාන්” බොක්ස් ඔෆිස් වාර්තා තියලා කියලා බොලිවුඩයෙන් ආරංචි වුණා. තිරගත වෙලා තාමත් දවස් 6 ක් වුණු මේ චිත්‍රපටිය ඉන්දියානු රුපියල් කෝටි 120 ට වැඩි ආදායමක් උපයලා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ.


මීට කලින් මේ වගේ වාර්තාවක් තිබ්බේ අජේ දේව්ගන් ඉන්න “සන් ඔෆ් සර්දාර්” චිත්‍රපටියයි. ඒ ඉන්දියා‍නු කෝටි 80.73 ක ආදායමක් උපයාගනිමින්.
තිරගතවීම පටන්ගත්ත අඟහරුවාදා කෝටි 15.23 ක්, බදාදා කෝටි 19.54 ක්, බ්‍රහස්පතින්දා කෝටි 14.45 ක්, සිකුරාදා කෝටි 11.17 ක්, සෙනසුරාදා කෝටි 10.38 ක් ඉරිදා කෝටි 9.96 ක් විදිහට තමයි මේ වාර්තාවට ඉන්දියාවෙන් ආදායම ලැබිලා තියෙන්නේ.

ශාරුක් ඛාන්, කත්‍රිනා කයිෆ් වගේම අනුෂ්කා ශර්මා ඉන්දියාවෙන් එපිට මේ චිත්‍රපටිය ප්‍රචාරණය කරලා ලබපු ආදායම ඉන්දියානු රුපියල් කෝටි 41.7ක්. පොඩි නෑ නේද සෙල්ලම.

බොලිවුඩ් සිනමා පට හදන්න විශාල වියදමක් දරනවා වගේම තමයි ඒවා සාර්ථක වෙද්දී ලබන ආදායමත්. මොකද ඉතින් ඉන්දියාවේ මිනිස්සුන්ට චිත්‍රපටි කිව්වොත් ඊට එහා ගිය දෙයක් නෑනේ. ඒකෙන් තමයි ඉතින් දෙයියනේ කියලා බොලිවුඩයේ සිහින මාළිගා ටික රැඳිලා තියෙන්නේත්.>

Gossip Lanka Hot News Previous News Archive