ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මුදල් ඇමැතිවරයා ලෙස අද (8දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ඉදිරි වසරේ රජය ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂිත සංවර්ධන වැඩසටහන් හා සැලැසීමට යෝජිත සහන ආදිය ඇතුළත් වන 2013 අය-වැය සුවිශේෂී අය-වැයක් වනු ඇතැයි මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා 2013 වසර සඳහා වන සැලැසුම් සහ යෝජනා ඇතුළත් අය-වැය ලේඛනය අද (8දා) පස්වරුවේ යෙදෙන සුබ මොහොතින් ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා 2013 වසර සඳහා වන සැලැසුම් සහ යෝජනා ඇතුළත් අය-වැය ලේඛනය අද (8දා) පස්වරුවේ යෙදෙන සුබ මොහොතින් ඉදිරිපත් කිරීමට නියමිතය.
අද පස්වරු 12.50ට පාර්ලිමේන්තුව කතානායක චමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පසු ජනාධිපතිවරයා සුබ මොහොතින් අය-වැය ඉදිරිපත් කරනු ඇත.
නිදහස් ලංකාවේ හැටහත්වැනි අය-වැය වශයෙන් අද ඉදිරිපත් කරන අය-වැය වාර්තා ගතවේ.
නිදහස් ලංකාවේ හැටහත්වැනි අය-වැය වශයෙන් අද ඉදිරිපත් කරන අය-වැය වාර්තා ගතවේ.
මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා අද ඉදිරිපත් කරන්නේ සිය හත්වැනි අය-වැයයි. ජනාධිපති හා මුදල් ඇමැතිවරයා ද වශයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රථමයෙන්ම ඉදිරිපත් කෙළේ 2006 වසර සඳහා අය-වැයයි.
ඉකුත් ඔක්තෝබර් මස 9 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විසර්ජන පනත් කෙටුම්පත අනුව 2013 වර්ෂය සඳහා රජයේ සේවා පිළිබඳ රුපියල් බිලියන එක්දහස් තුන්සියතිස්පහකි. ණය වශයෙන් ලබා ගැනීමට අපේක්‍ෂිත මුදල රුපියල් බිලියන එක්දහස් දෙසියඅනූපහකි. ඒ අනුව රුපියල් බිලියන විස්සක හිඟයක් පෙන්නුම් කරයි.
අය-වැය නිමිත්තෙන් පාර්ලිමේන්තුවේ විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක වේ
අය-වැය නිමිත්තෙන් පාර්ලිමේන්තුවේ විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක වේ