2013 අයවැය එසැණින්, Sri lanka budget-2013. updates In Sinhala


  3.34pmපාර්ලිමේන්තුව හෙට දිනෙය් උදේ 9.30 වන තෙක් කල් තබන ලදී

3.25pmරජයේ සේවකයින්ගේ ජීවන වියදම් වශයෙන් මසකට රුපියල් 1500 ක් වැඩිකිරීමට ජනපති තීරණය කරයි.

 3.10pmවිදේශ රටවලින් පැමිණෙන ස්ප්‍රිතු සහ මත්පැන් වලට බදු 25% න වැඩිකරන බව  ජනපති තීරණය කරයි.

2.55pmමාධ්‍යවේදීන්ට සහ කලාකරුවන්ට දිගු කාලින ආපසු ගෙවිය හැකි පොලි රහිත ණය පහසුකම් දීමට ජනපති තීරණය කරයි.

2.30pm
ක්‍රීඩා වාහන වලට අයනනික බදු ඉවත් කර ඇති බව ජනපති ප්‍රකාශ කරයි.

2.15pm
විදේශිකයින්ට ඉඩම් විකිණීම සම්පුර්ණයෙන්ම තහනම් බව ජනපති ප්‍රකාශ කරයි.

 2.10pm
අක්කර 5 ට වැඩි පොල් වගා කරුවන්ට පොල් පැල නොමිලේ ලබා දීමට යෝජනා කරන බව ජනපති ප්‍රකශ කරයි.

2.08pm
කුඩා වතු හිමියන්ටත් 2013 අයවැයෙන් සහනාධාර නිකුත් කිරීමට ජනපති යෝජනා කරයි.

1.57pm
දිවයින පුරා ලක් සතොස ශාඛා 1000ක් ගොඩ නගන බවද හැම ශාඛාවකම ඔසුසල හරහා  ඖෂධ ලාභ දායි මිලට දීමට කටයුතු කරන බව ජනපති ප්‍රකශ කරයි.
1.54pm
මහ කන්නයේ සිට කාබනික පොහොරෙන් වගා කරන ගොවීන්ගේ වී කිලෝවකට රුපියල් 40 අ සහතික මිලක් ලබා දෙන බව ජනපති දැනුම්දෙයි.

1.40pm
2013 සිට පොහොර සහනාධාරය ලබාදෙන සියලුම ගොවීන්ට වගා රක්ෂණයක් ලබාදෙන බව ජනපති ප්‍රකාශ කරයි.

1.34pm
ව්‍යාපාර වර්ගීකරණයෙන් ලංකාවට ලෝකයෙන් 81 වැනි ස්ථානයට පත් වී ඇති බව ජනාධිපති ප්‍රකාශ කරයි.

1.32 pm
අප රට විසින් සහල් ආනයනය කරන්නේ නැති බවද බඩ ඉරිඟු සහ ධාන්‍ය භෝග වැවීම වැඩි කර ඇති බව ජනාධිපති පවසයි.

1.26 pm
ජනපති විසින් දුෂ්කර ප්‍රදේශ වල සිටින දරුවන්ට නිල ඇඳුමක් සහ සපත්තු නොමිලේ ලබා දෙන බවට ප්‍රකාශ කර සිටී.

1.21pm
2013 අයවැයෙන් ත්‍රිවිද හමුදාවට රුපියල් මිලියන 1000 ක නිවාස ණය මුදල් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

1.00pmමීට සුළු මොහොතකට  පෙර ජනාධිපති මහින්ද රාජපක්ෂ 2013 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ කරන ලදී  

2013 අයවැය ප්‍රකාශයට පත්කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණ ඇති බව වාර්තා වෙයි. අයවැය කියවීම 12.50 ට ආරම්භ කරන බවද වාර්තා වෙයි.

2013 වසරේ අයවැය සාරාංශය මෙසේය



 *දිළිඳු බව තුරන් කිරීමට රුපියල් මිලියන 1500 ක්

 *දුෂ්කර පළාත්වල පාසල් ළමයින්ට නොමිලේ පාවහන් යුවලක්.

 *ආගමික හා සංස්කෘතික සහජීවනය පදනම් වැඩසටහන් සඳහා රුපියල් මිලියන 200ක්

*වගා ණය සඳහා වන පොලී මුළුමණින්ම කපාහරියි

*ලක් සතොසට මිලියන 500ක්*ගස් මදින්න අවසර ඕන නෑ – හැබැයි පැණි / හකුරු වලට විතරයි

*2015 වන විට කුරක්කන් ආණයනය නතර කරයි.

*විදේශිකයන්ට ඉඩම් විකිණීම තහනම්.

*මෝටර් රථ ආදයම් බලපත්‍ර ගාස්තුව ඉහලට.

*රජයේ සේවකයින්‍ට රුපියල් 1500ක දීමනාවක්.

*ජූලි වර්ජනයේ නිරත වූ අවුරුදු 65 ට වැඩි පුද්ගලයන්ට රු.5000 ක දීමනාවක්.

*දැයට කිරුළට මිලියන 60 ක්

*අධ්‍යාපනය සඳහා සියයට 4.1 ක්

*සෞඛ්‍යයට බිලියන 125ක්

*මත්පැන් බදු 25%න් ඉහළට

*රට සල්ලි ගිණුම්වලට ඉඩ, ආයෝජනයටත් පහසුකම්




2013 සම්පූර්ණ අයවැය වාර්තාව

Gossip Lanka Hot News Previous News Archive