දින විස්සට ඝාතන 24ක්. හේතුව සංවර්ධනයයි

මෙම මාසයේ මේ දක්වා කාලයේදී රටපුරා සිදුව ඇති මනුෂ්‍ය ඝාතන සංඛ්‍යාව 24ක්. ගෙලසිර කිරීමෙන් , තියුණු ආයුධවලින් කපාකොටා , වෙඩි තැබීමෙන් හෝ පහරදීම්වලින් එම ඝාතන වැඩි සංඛ්‍යාවක් සිදු කර තිබෙනවා. ජීවග‍්‍රහයෙන් වළදැමීමෙන් බිළිඳියක් ඝාතනය කිරීමද ඊට ඇතුළත්. එම ඝාතනවලින් 17ක් සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනුනු බව පොලීසිය පවසනවා.
ඊයේ දිනයේ පමණක් සිදු වූ මනුෂ්‍ය ඝාතන සංඛ්‍යාව 4ක්. බුලත්සිංහල හල්වතුර ප‍්‍රදේශයේදී එකම පවුලේ පියා මව සහ පුතණුවන් ද කඩවත ප‍්‍රදේශයේ කාන්තාවක්ද එලෙස ඝාතනය කෙරුණා. බුලත්සිංහල හල්වතුර ප‍්‍රදේශයේ ති‍්‍රපුද්ගල ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුනු බවයි පොලීසිය පවසන්නේ. එහෙත් කඩවත කාන්තා ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ

මේ අතර මනුෂ්‍ය ඝාතන සහ වෙනත් අපරාධ දිනෙන් දින වැඩි වීම සංවර්ධනයේ තවත් අදියරක් බව සමාජ විද්‍යාඥයන් පෙන්වා දෙනවා. සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට වැරදි උපායන් තෝරා ගැනීම ඊට හේතුව බවයි කැලණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය කේ. කරුණාතිලක මහතා පැවසු


ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය මයුර සමරකෝන් මහතාද මේ සම්බන්ධයෙන් අදහස් දැක්වුවා.



අපරාධකරුවන්ට බලවතුන්ගෙන් ලැබෙන ආරක්ෂාව හා නීතියේ පවතින දුර්වලතාද මිනිසුන් නීතිය අතට ගැනීමට හේතුන් බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

Neth News


Gossip Lanka Hot News Previous News Archive