ශ්‍රී ලංකාව 247යි - මහේල 91 යි, New Zealand vs. Sri Lanka, 1st Test

නවසීලන්ත ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේ නවසීලන්ත කණ්ඩායම ලබාගත් ලකුණු 221ට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 247ක් ලබා ගන්නා ලදී.
ඒ අනුව ඔවුන් නවසීලන්තයට වඩා ලකුණු 26ක් ඉදිරියෙන් සිටියි.

ඊයේ (17) තරගය නිමවන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 9ක් ලබාගෙන සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් කඩුලු 4ක් අද (18) තරගය ආරම්භ කළ අවස්ථාවේදී බිඳ දැමීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්විය.


මුළු ලකුණු සංඛ්‍යාව කඩුලු 5ට ලකුණු 50ක්ව තිබියදී පිටියේ තනිවු මහේල ජයවර්ධන හා ඇන්ජලෝ මැතිව්ස් 6 වැනි කඩුල්ල සඳහා ලකුණු 156ක සබඳතාවක් ගොඩනගන ලදී.

කෙසේ වෙතත් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 79ටත් අනතුරුව මහේල ජයවර්ධන ලකුණු 91ටත් දවා ගැනීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ.

මීට අමතරව තිලාන් සමරවීර ලකුණු 17ටත්, සුරාජ් රන්දිව් ලකුණු 9ටත්, කුමාර් සංගක්කාර ලකුණු 5ටත් දැවි ගිය අතර රංගන හේරත් නොදැවි ලකුණු 11 ක් ලබා කඩුල්ලේ රැඳි සිටියේය.

පන්දු යැවීමේදී නවසීලන්ත කණ්ඩායමේ ටිම් සවුදි කඩුලු 4ක් හා ජීතන් පටෙල් කඩුලු 3ක් දවා ගත්හ.

මෙම තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 221 ක් ලබා ගන්නා ලදී.

නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් බ්‍රෙන්ඩන් මැකලම් ලකුණු 68ක් හා ඩැනියෙල් ෆල්යින් ලකුණු 53ක් ලබා ගත් අතර සෙසු පිතිකරුවන්ට වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට නොහැකි විය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් රංගන හේරත් කඩුලු 5ක්, ෂමින්ද එරංග කඩුලු 3ක් හා නුවන් කුලසේකර කඩුලු 2ක් ලබා ගන්නා ලදී.

මෙම තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර දෙරට දෙවැනි ටෙස්ට් තරගය ලබන 25 වැනිදා කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

Gossip Lanka Hot News Previous News Archive