නැගෙනනහිර සෞදි අරාබියේ පැවති මංගල උත්සවයකදී හටගත් ගින්නකින් 25 දෙනෙකු මරණයට පත්වී ඇතැයි වාර්තා වේ.
අබ්කයික් ප්රදේශයේ අයින් බාද් ග්රාමයේ නිවසක පැවති මෙම මංගල උත්සවයේ හටගත් මෙම සිද්ධියෙන් තවත් 30 දෙනෙක තුවාල ලබා ඇති බව බීබීසී පුවත් සේවයේ දැක්වේ.
ගින්න හට ගන්නා අවස්ථාවේ 100ක පමණ ජනකායක් රැුස්ව සිටි බව වාර්තා වේ.
උත්සවය සැමරීම සඳහා පත්තු කරන ලද වෙඩිල්ලක් අධි බ්ලැති විදුලි රැහනකට වැදී ඇති අතර, එම ස්ථානයේ තිබූ එකම පිට්වීමේ දොරටුව වන ලෝහ දොරක් මතට මෙම රැහැන ඇද වැටීම නිසා බොහෝ දෙනෙක් විදුලි සැර වැදීමෙන් තුවාල ලබා ඇති බවද විදෙස් වාර්තා වල දැක්වේ.
තුවාලකරුවන්ගෙන් බහුතරය කාන්තාවන් වන අතර මෙම සිද්ධියෙන් තුවාල ලැබූවන් අරම්කෝ සහ මඞ්යම අබ්කයික් රෝහලට ඇතුලත් කර ඇත.