පස් කන්දේ උස අඩි 25 දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ පැත්තක් වසා දමයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම නවත්තුඩුව කොළෑකඩ අසල කඩා වැටුණු පස් කනදේ උස අඩි 25ක් පමණ වේ.
බැකෝ යන්ත්‍රයකින් පස් ඉවත් කෙරේ.
 මීටර් 200ක් පමණ සාවියක් පමණ පස් කන්දෙන් වැසී තිබේ. කොට්ටාව ගාල්ල මාර්ගය මුළු මනින්ම වැසී ගාල්ල කොට්ටාව මාර්ගයට ද පස් වැටී ඇති අතර මැද යකට වැට ද ඉක්මවා අනෙක් පසට ද පස් වැටී ඇත.
යකඩ වැට ඇදවී තිබේ.
පොලිස් ආරක්ෂාව යටතේ සේවකයන් ද යුහුසුළුව වැඩ කරන නමුත් පස් ඉවත් කිරීමට සෑහෙන කාලයක් ගත වෙතියි අපෙක්ෂා කෙරේ.

 ගාලු මංතිරුවට වැටුණු පස් ඉවත් කරන අවස්ථාහි දී එම මාර්ගයේ වාහන ගමනා ගමනය ද නතර කෙරේ. කඩාවැටුණු ගල්කන්දේ සිට පහළට බැසීමට තනා තිබූ පඩි පෙළද දැන් නැත.

Gossip Lanka Hot News Previous News Archive